12th Bell

112 17 1
                                    

තව සතියකින් මල්ගේ උපන්දිනේ... මොනවම හරි දෙන්නඕන.. ඒත් මොනවද අරං දෙන්නේ.. අම්මා එවන සල්ලි ටිකෙන් තමා රිම් එකේ යන්නේ. ඉතිං මට බෑ තෑග්ගකට උනත් සල්ලි නාස්ති කරන්න..
හරියන්නේ නෑ පොඩියට මොකඛරි කරන්න ඕන සල්ලි ටිකක් හොයාගන්න අතේ වියදමටවත්.. වැඩිපුර අම්මගෙන් ඉල්ලන්නත් බෑ මගේ ක්ලාස් ෆීස් වලටම් බර ගාණක් වියදම් වෙනකොට..

ශේන්...?

ම්ම්??

ලබන සතියේ මල්ගේ උපන්දිනේ!

ඉතිං..

තෑග්ගක් දෙන්නෝන සල්ලි නාස්ති කරන්නත් බෑ..

හෑන්ඩ්මේඩ් දෙයක් දෙන්න..

ඒ කිව්වේ?

කාඩ් එකක්. එක්කො මොකඛරි ඔයා මහලා දෙන්න..

ඔහ්..මහන්න?

ඇයි.? ඔයාට මැශින් එකක් තියෙන්නේ අම්මා දීපු ,ගෙදර.අනික ඔයාට මහන්න පුලුවන් කියලා මම දන්නවා .

ම්ම්. මොනවගේ දෙයක්ද?

මල් ස්ක්‍රංචි දානවද?

ඔලුවට දානවා නම් දැකලා නෑ හැබැයි අතේ නම් එකක් අනිවා තියෙනවා.

එහෙනම් ඔයාට පුලුවන් ස්ක්‍රංචි ටිකක් මහලා දෙන්න. තව ඔයාට ලස්සන බත්ඩේ කාඩ් හදන්න පුලුවන්නේ? කාඩ් එකකුත් හදලා දෙන්න..

ම්ම්. හොඳ අඳහස. අනික ස්ක්‍රංචි දහයක් විතර මහගන්න ඇති තරමට බඩුත් මං හිතන්නේ තිබුනා. ඉලාස්ටික් ටිකක්නම් ගන්න බැරියෑ කඩේකින් මහ ගානක් නෑනේ.

ඔව් නෙහ්.. ම්ම්ම්.. එහෙම කරමු..

කාඩ් එක හදද්දී ඔයා ඔය යාලුවන්ට බත්ඩේ පෝඩ්ට් හදනවා වගේ ඇප් එකකින් එඩිට් එකක් දාලා හදන්න ට්‍රයි කරන්න.

ඒ කිව්වේ? ප්‍රින්ට් එකක් ගන්න වගේද?

ඕ...

ම්ම්. බලමු..

මේ ඒකන්නෙමේ.. කැමති නෑද ග්‍රැෆික් ඩිසයිනින් වගේ දෙයක් ගැන ඉගෙන ගන්න?

හ්ම්ම්..

ඔයාට ඒවගේ දේවල් වලට පොඩි මෙව්වා එකක් තියෙනවා ඒයි..

හරි ඉතිං ඒත් සල්ලි තියෙන්න එපෑ..

ඒක ඒ වෙලාවට බලමුකෝ. කැමතිද නැද්ද කියනවකෝ..

The Bell.... (සීනු)Where stories live. Discover now