31st Bell

97 13 2
                                    

HhhjhakaveusbVzmckwoabyanznkapalazshs.......................

හෝව් හෝව්.. මොනාද බං ඔය කියවන්නෙව්... තේරෙන්න කියපංකෝ.

Gskbsuwuqlw......

මොකා...

බබා ශේන් එයාට බනින්නේ නැතුව ඉන්න එයා over excited වෙලා ඉන්නේ.. ටිකකින් ඕක හරියයි...

අනේ මන්දා මොන ජිබේරිශ් කියවනවද කියලා.... අපි ආවේ ජිබේරියාවට නෙමේනේ නේ.. අපි ආවේ ජපානෙටනේ..

හරි... චුට්ටක් ඔහොම ඉන්නකෝ...

මේ ඕයි චූටි..

Schkdmdk.................... ,චටාස්....  අම්මෝ ඒක රිදුනා ගොනෝ..

අහ් ඔය හරි ගියේ ඔලුවට එකක් දෙන්නම උනා මට...ඉස්සෙල්ලා උඹ කියෙව්වෙ ජිබේරිශ්...
මෙලෝ හසරක් තේරුනේ නෑ...

පොඩ්ඩක් ඉම්න.මට තේරුනෙත් නෑ මම කියවපුවා..

මම යනවා ම්ව්තනින් ඔය දෙන්නා ඇති තරම් කියවලා එන්න.. අර අපි එනකම් අතන මනුස්සයෙක් බලං ඉන්නවා..

කෝ කොතනද..

අර අතන බෝඩ් එක බලන්න. අපේ නම් තුනම ඒකෙ ලොකුවට තියෙනවා....

ඔව්මයි... එල එල යමු.

.............

ඕයේ ඔජායේ ඕයේ ඔජායේ..
විනොද වෙන්නට අපි කියෝතෝ ගිහිල්ලා...
තාමත් මතකයි සිදු වෙච්ච දේ එදා..
තිබහක් ඇවිදින් පොඩි කඩයක් සොයාලා..
බීමක් අරගෙන පොඩි බටයෙන් බිව්වා..
ප්‍රීතියෙන්..

ඕයේ ඔජායේ ඕයේ ඔජායේ...

..........ටිං ටුං රිං...  මගේ ෆෝන් එක රිං වෙන්න ගත්ත නිසා කිය කිය හිටපු සිංදුවත් නවත්තලා ඒක ආන්ස කලා...

මේ දොර ඇරපං ගෑනියෙ අපි දෙන්නා රූම් එක ඉස්සරහා.. කීයෙව් ඉඳං බොට කෝල් ගන්නවද?

හෝ හෝ.. මම ස්නානයෙහි යෙදී සිටි බැවින් ගැත්තාට අනුකම්පා කොට වදාලා ඇතුලට වඩින්ට.

කොහෙ ඇතුලට එන්නද තෝ මේක ලොක් කරලනෙව්..

අහ් ඉන්න මම එන්නම්...

.............................

ඈ යකෝ තෝ බාතෲම් එකට වෙලා දිය උනාද?

නෑ මං කොනාට් එකක් තිබ්බා.. ටුවර් එකක්නෙව් ආව්ව්ව් ෆ්‍රී කොන්සට් එක්ක් තිබ්බා...

මොකා..

නෑ මුකුත් නෑ...මේ ඒක නෙමේ මට ලංකාවෙ නෝමල් නම්බ එකකින් මිස්කෝල්ස් එනවා. මම ඒක කන්ටැක් කරගන්න හැදුවට බැහැනේ..

ඒ අපේ නම්බර්ස් රෝම් වෙල තියෙන නිසා.. මෙහෙන් ගත්ත සිම් එකෙන් ඒ නම්බ එකට ට්‍රයි කරලා බලන්න..

අහ්. ඉන්න එහෙම කරලා බලමු...

...........

හෙලෝ... මේ නම්බ එකෙන් මගේ අනිත් නම්බ එකට කෝල් එකක් තිබ්බා?

මේ...සී.......ද?

ඔව්. කවුද මේ.....

මම  ම...............

මල් මේ ඔයාද?

මේ. .... නම්....... වට්සැ............ තියෙ.........

මොකද්ද මෙ නම්බ එක වට්සැප් තියෙනවද?... ඉන්න මම ට්‍රයි කරන්නම්..

එප්......... අම්.........ෆෝන්..........මේ....... මාසෙ..........අන්ති........සති.........ර.ට......... යන.......ම......

මොකද්ද? මෙ මාසෙ අන්තිම සතියෙ රට යනවා? කවුද ඔයාද?

නෑ.......... අම්........

අම්මා රට යනවා?

ඕ................

බබා මට ඔයා කියන කිසිම දෙයක් පැහැදිලි නෑ. මම ජැපෑන් වල ඉන්නේ.... තව සතියකින් ලංකාවට එනවා...

මීට්............ද?

මීට් වෙමුද? හා... මම ලංකාවට ඇවිත් මේ නම්බ එකට කෝල් එකක් ගන්නම්... ගෝඩ් බ්ලෙඅ යූ මල්. අයි ලව් යූ..

ල්ව්.............ටූ..........බේ........

.........

ආයි ආයි................ මෙන්න මෙයාගේ වයිෆි කෝල් කරලා මෙයාට. මූනෙන් එකයි මී වදේ.. පැණි බේරෙනවා...

කතා කරපු කිසිම දෙයක් පැහැදිලි නෑ අයියෝ... අම්මා රට යන කතාවක් කිව්වා.. වට්සැප් කතාවක් කිව්වා මීට් වෙමුද කොහෙද කිව්වා....

කෝකටත් ලංකාවට ගියහම මේ නම්බ එකට කෝල් කරලා බලම්..

ඔය නම්බ එක වට්සැප් ට්‍රයි කලාද?

ඒක තමා මම දැං මේ බැලුවෙ... නෑ මේ නම්බ එක වට්සැප් නෑ..

හ්ම්ම්.. එහෙන්ම් නෝමල්ම තමා ගන්න වෙන්න්ව්ව්........

The Bell.... (සීනු)Where stories live. Discover now