13th Bell

127 15 1
                                    

Happy birthday මල්...

අද එයාගේ උපන්දිනේ.. මගේ අතේ තෑග්ග. මංම මහපු ස්ක්‍රංචි. එක්ක මමම හදපු කාඩ් එක.. තව පොඩි ග්ලාස් ජා එකක් පුරවලා මගේ අකුරු වලින්ම ලියපු එක එක lovely quotes.. කාට දෙන්නද? දැං දවස් ගානක ඉඳලා නෝ කතා.. අඩුම යාලුවගේ එකෙන්වත් නෑ...

හ්ම්ම්. කොච්චර කාලයක් මෙහෙම ඉන්නද? අඬන්නෙ නම් නෑ. මොකද ඇඬුවට වැඩක් නෑ කියලා මම දන්නවා. කරන්න පුල්වන් එකම දේ එයාව අමතක වෙන තරමටම හිත වෙන දේකට යොමු කරන එක..

එත් අද.. මගේ අතින්ම බේක් කරපු චූටි කේක් එකකුයි, ගිෆ්ට් එකයි මගේ කෑම මේසේ උඩ තියාගෙන මම තනියම එයාගේ බත්ඩේ එක සමරනවා..

බීප් බීප් බීප්..

හෙලෝ අම්මා...

ඔව් අම්මා මම හොඳින්..

හ්ම්ම්. කියන්න දෙයක් නම් තිබුනා අම්මා.. ඒත් දැනට නෑ.. මම රෙඩි දවසකට කියන්නම්...

ඔව් අම්මා. කෑම කෑවා..

හරි අම්මා.. හා අම්මා.. හෙට එනවනේ මෙහේ එහෙනම්..

ම්ම්. නෑ මම උදේ සසකාවා. ගෙදර එද්දී හවස් වෙයි ක්ලාස් ඉවර වෙලා. ශේන් මාව කා එකේන් මෙහෙටම ඩ්‍රොප් කරනවනේ..

හරි අම්මා..මම තියන්නම් ජේසු පිහිටයි..

ඔව් අම්මා යොශ් බබා ඉන්නවා.. හරි දඟයි අම්ම්මා... අද උදේ මිදුලේ අලි වලක් හාරලා.. මම එයාව ඒකට දාලා බෙල්ල විතරක් එලියට එන විදිහට වලලවා තිබ්බා විනාඩි පහක්..

අයියෝ.. බනින්නෙපා අනේ. ආයේ ආයේ එයා ඒ වගේ වැඩ කරද්දී මටමනේ වදේ..

ඔව් ඔව්.. නෑව්වා..

අපෝ ඔයා මට වඩා ආදරේ යොශ්ටනේ..

රයලි නෑ අම්මා. එයා ගමේ ගියා. හෙට එයාගේ අම්මගේ බත්ඩේ එක..

ඔව් අම්මා.. නෑ පාඩම් වැඩ එහෙම අමාරු නෑ.. අක්කා කෝ...

ඔහ් එහෙමද? බිස්නස් පාඩුද?

එහෙනම් කමක් නෑ.. අයියත් ඇවිත් ගියා ඊයේ රුශි අක්කා එක්ක..ඔව් ඒ දෙන්නා පොඩ්ඩක් රවුමක් දාන්න හිතිලා.. හෙට අක්කත් එනවා නේද? ඔයාලා මෙහෙ නවතිනවනේ?

අයියෝ නෑද? අනේ. ඉතිං හෙටම යන්න එපා අයියෝ...දවසක් වත් මෙහේ ඉන්න හාද?

The Bell.... (සීනු)Where stories live. Discover now