24th Bell

84 17 4
                                    

කෑම කාලා පොඩි ශොපිං පාරක් දාලා යන්න ආපු අපි දැං නම් ඉන්නේ PVR cinema එකේ Barbie බලන්න ඇවිත්... රෝස පාට අඳින්න කියලා අර බූරුවෝ දෙන්නා කියද්දී මට නිකමටවත් හිතුනේ නෑ...

මම මෙතනට ආපු වෙලේ ඉඳං මට දැනෙනව කවුරුහරි මං දිහා බලන් ඉන්නවා වගේ.. ඔලුව වටේම කරකවලා බැලුවා ඒත් හොයා ගන්න නම් නෑ.. අර ඩබල දිහා මම වැරදිලාවත් බැලුවේ නෑ මොකද මේ වෙලාවේ ඒ දෙන්නා බරටම නා දළු පොඩි කරනවා... මං කියන්නේ මුං දෙන්නට පත ගෙයක් තියෙනවා අනික මට කිව්වනම් මගේ ගෙදර හරි දෙනවනේ අප්පා.. මං මුං එක්ක නෙමේ ආවේ මුං දෙන්නව මම අඳුරන්නේ නෑ....

කොහොම උනත් කතාව ඉවර වෙනකම්ම මට අර කවුරුහරි මං දිහා බලන් ඉන්නවා කියලා කියන හැඟීම මට තිබුනා.... දැං නම් පත මූත්‍රා ලෝඩ් එකක් මුත්‍රාශය පුරවලා  ඒක පිපිරෙන සයිස් එකට ඇවිත්.

බව්වෝ.. මම වොශෲම් එකට ගිහින් එන්නම ඈ..

අහ්. හරි අපි දෙන්නා මිනිසෝ එකට  යනවා. එතනට එන්න හොඳේ...

අහ් හරි. මම එන්න්ම්..

...

කොහොම හරි වොශෲම් එකට යනකොටත් මට දැනුනා කවුරු හරි මං දිහා බලන් ඉන්නවා කියලා...
.වොශෲම් එක ඇතුලට ගියා විතරයි හරිම තදින් මගේ අතින් අල්ලලා මාව ස්ටෝල් එකක් ඇතුලට ඇදලා ගත්තා.. කෑ ගහන්න හදලත් දැනුන හුරු පුරුදු හුස්මක් නිසා හැරිලා බැලුවේ..

මාස ගානක් දැකපු නැති.. කතාවක් නැතිව බලාගෙන උන්න මගේ ආදරණීය මල...

ඕන ම නම් අපි දෙන්නා තප්පර දහයක් ඉන්නැති මූණට මූණ බලාගෙන.. ඒ පමාවට  මල් හරිම හදිස්සියෙන් මාව කිස් කරන්න පටන් ගත්තා.. හරිම හදිස්සියෙන්.. හරියට මේ මාස ගානෙම ඇරියස් අල්ලන්න වගේ...

මගේ සීනුව.. කොහොමද මැණික..

මම හොඳින් මල්.. ඔයා කෙට්ටු වෙලා..

මේ දවස් වල මැචස්නේ බබා.. ඔයාලත් ප්‍රැක්ටිස් ඇතිනේ...

(මේකට නම් මට කියන්න දෙයක් නෑ.. කඳුලු තමා..)

ඇයි මැණික අඬන්නේ..

මට ආයේ මැචස් වලට ප්ලේ කරන බෑ මල්..මගේ ඇංකල් එක ඩැමේජ්. ස්පෝර්ට්ස් තහනම්...

බොරු නේද කියන්නේ..

ඇත්ත මල්.. මම ආයේ නෙට් බෝල් ප්ලේ කරන්නේ නෑ..

ආයේ කවදා හම්බ වෙන්න් වෙයිද දන්නෑ සීනු.. අද අහම්බෙන් හරි මෙහෙම දකින්න ලැබුන එකත් මට සහනයක්.. අහන්න දකින්න නැතුව ඉන්නවා කියලා විතරක් දැනගෙන ජීවත් වෙනවා කියන්නේ පට්ට pain එකක් සීනු 

ඔයාට විතරක් නෙමේ ඒ වේදනාව දැනෙන්නේ මල්.. මටත් දැනෙනවා..

මම දැං යන්නෝන සීනු. අම්මලා එක්ක ආවේ. ඔයා නම් ආවේ අයානුයි ශේනුයි එක්කනේ..

ඔව්.. එතකොට ඔයාද හෝල් එක ඇතුලෙදිත් මං දිහා බලං හිටියේ..

හ්ම්ම්. දැනුනද?

ඕ...

මං යන්නම්ම්ද? තව කිස් එකක් දෙනවද?

හ්ම්ම්. ඉස්සල්ලත් අහලයෑ ගත්තේ.  පරිස්සමෙන් ඉන්ම්ම්ම්ම්ම්....

හරි මම පරිස්සම් වෙන්නම්. ඔය නෝනත් පරිස්සමෙන්.. මං ආදරෙයි සීනු..

මමත් ආදරෙයි මල්...මේ එලියට යද්දී පොඩ්ඩක් වටපිට බලලා යන්න. මිනිස්සු දැක්කොත් අපි දෙන්නෙක් එකම ස්ටෝල් එක්කින් එලියට එනවා මල කෙලියක් වෙන්නේ..

හ්ම්ම්. ඉන්න බලන්න. නෑ නෑ කවුරුත් නෑ.  යමු දෙන්නම එලියට.....

......................

කොහෙද බං මෙච්චර වෙල හිටියේ  ?

මල් ව හම්බුනා බව්වෝ..

මල් කිව්වේ උඹේ ප්‍රියම්භිකව නේ?

ඔව් ඔව් එයා තමා..

ආවුස් බලන්නකෝ බබා මේකිගේ මූණෙ ත්ජ්‍යෙන පැණි හිනාව...

ඔයාගේ මූණත් ඔහොම තමා බබා මං කොච්චර ලොකුද කියලා කල්පනා කරනකොට..

අයාන්න්...

අයාන්..

දෙන්නම එකපාර මොන කෙහෙල්මලකටද බෙරිහම් දෙන්නේ... යමං ගෙවල් වලට...

යං යං හෙට ඉස්කෝලේ යන්නත් තියෙනවා.. ...

................

ඔහොම තව කාල්‍යක් ගෙවිල් ගියේ A/L වලට තව මාසයක් විතරක් ඉතුරු කරලා..මේ දවස් වල අපි තුන් දෙනාම බරටම විභාගෙට රෙඩි වෙනව.. මට කැම්පස් යන්න නම් ලොකුවට උවමනාවක් නෑ....ඒත් හොඳට පාස් වෙන්න් ඕන.. සිලෙක්ට් උනොත් යන්න වෙනවනේ...

හැමෝම කියන්නේ මම කැම්පස් යයි කියලා.. මටත් පොඩි කික් එකක් දැනෙනවා එතකොට..

කොහොම උනත් මම ලැංවේජස් සයිඩ් එකෙන් ටීචිං දාන්න කියලා තමා හිතං ඉන්නේ දැ๬.. ඉස්සර මොන හීනේ තිබ්බ්ත් දැං මේ මොහොතේ මම හිතන දේ අනිව කරන්නම වෙනවා කියලා මම දන්නවා.

The Bell.... (සීනු)Where stories live. Discover now