19th Bell

100 14 1
                                    


අද නම් පාං කියන්න බැරි තරමට මහන්සී.. ඔක්කොටම වඩා කකුලේ කැක්කුම..බස් එකෙන් බැහැලා පොඩ්ඩක් ඇතුලට යන්නෝන.. ඉස්කෝලේ ලගටම බස් එක යන්නෙ නෑ. කකුලත් එක්ක පයින් යන්න බෑ වගේ දැං නම් සැපටම රිදෙනවා.. මේ හරියේ ත්‍රීවීල් එක්කුත් නෑ. ඔහේ කමක් නෑ හිමින් හිමින් යනවා..

ඌෆ්.. ගෙදර ඇවිත් සපත්තුව ගලවද්දී තමා මට හඳ තරු ඉඳලා ගැලැක්සියටම යනකම් පෙනුනේ.. කකුල ඉදිමිලා පිට්ටු බම්බු සයිස් එකට.. චුට්ටක් කකුල උණු වතුරෙන් තවලා වින්ටපෑන් ටිකක් ගාගන්න ඕන.. දැං පඩිපෙලකුත් නැගහම්කෝ..

කොහොමහරි වතුරත් උණු කරගෙන කකුලත් තවලා බාමුත් ගාගෙන ස්ටඩී රූම් එකට ආවේ අද ජැපනීස් ක්ලාස් එකේ දුන්න හෝම් වර්ක් ටික ඉවර කරන්න. එදා ඒවා එදාම කලේ නැත්තං ආයේ කරන්න වෙලාවක් හම්බවෙන්නෙ නෑ..

කොහේ හෝම්වර්ක් කෙරිලිද කකුල රිදෙනවා එල්ලං ඉද්දී. දැංනම් ටිකක් බයයිත් වගේ.  කෝකටත් කියලා එහා පැත්තේ පුටුව උඩින් කකුලත් තියාගෙනම වැඩ ටික ඉවර කලා..කෑමත් කාලම ආපු නිසා උඩ තට්ටුවේ තිබ්බ  ෆ්‍රිජ් එකෙන් තඩි චොකලට් එකක් අරං කාලා කිස්ට් එකේ ලයිම් කෑන් එකක් තිබිලා බිව්වා..  කිස්ට් එකේ ලයිම් ජූස් එක පට්ට රහයි කූල් කලහම... කොහොමත් බඩු ගන්න ගියහම කෑන් පහක් හයක්වත් ගන්නවා අනිවාර්‍යයෙන්.

පස්සේ පේන් කිලර් එකකුත් බීලා ඇඳට ගියා.
...............................next day morning

Beap.. beap..beap....

හෙලෝ.....අම්මා..

චූටි ඔයා අසනීපෙන්ද?

අනේ නෑ අම්මා. ඊයේ බස් එකෙන් බහිද්දී කකුල පෙරලුනා දැං චුට්ටක් ඉදිමිලා ඒක රිදෙනවා..

කෝ බලන්න කැමරාව ඔන් කරන්න..

අහ් ඉන්න...

දරුවෝ ඕක ඉදිමිලානේ හොඳටම. අපි අද දවල්ට මෙහෙන් පිටත් වෙන්නම් එතකන් මම අයියට කියන්නම් ගිහින් බෙහෙත් අරං එන්න..

අහ් හා අම්මා..

..........................

පුතේ අයියට එන්න වෙන්නෙ නෑ. මම ශේන් ගේ අම්මට කිව්වා ආන්ටි දැං එයි. එයා එක්ක ගිහින් බෙහෙත් අරං එන්න හොඳේ...

The Bell.... (සීනු)Where stories live. Discover now