27th Bell

92 15 1
                                    

කිව්වත් වගේම පැය දෙක තුනක් ඇතුලත මගේ පාස්පෝට් එක හදාගන්න පුලුවන් උනා. පස්සේ අපි මමාගේ සෙකට්‍රිට කෝල් කලහම එයා කිව්වා සිනමන් ලේක් සයිඩ් එකට එන්න එයා බිස්නස් මීටිංග් එකක ඉන්නේ ඒක ඉවර වෙලා රිසෙප්ශන් එක ලඟදි මීට් වෙමු කියලා.

ඉතිං අපි තුන්දෙනාම සිනමන් ලේක්සයිඩ් එකෙන්  ඇවිත් දවල්ට කාලා රිසෙප්ශන් එකට වෙලා එයා එනකම් හිටියා..

අපි ගිහින් පැයකින් වගේ සෙකට්‍රි ආවා. කොහොමහරි අපි තුන්දෙනාගෙම පාස්පෝටෙයා අතට දීලා තව මමා එයාට දෙන්න කියලා දීලා ගිය එන්විලොප් එකත් එයා අතට දුන්නා.. දීලා අපි ආපහු ආවා.. මාවත් ගෙදරින් ඩ්‍රොප් කරලා අර දෙන්නත් ගෙදර් ගියා..ඔය ගියාට හවස හය වෙද්දී ඩබල ආයේ මෙහේ.....

හෙට යන්නෝන දෙන්නත් එක්කම කා එක ඩ්‍රයිව් කරන්න පුරුදු වෙන්න. දැං ටික ටික පුලුවන් ඒත් මදි. Written exam  එක නම් ලිව්වා ඒලෙවල් කාලෙම වගේ. ඒක පාස්...තව මාස දෙකකින් trial යන්නෝන..

අපි ගෙදර ආපු වෙලේ ඉඳන් මගේ බලු තඩියා පොඩ්ඩක් ඩ්‍රව්සි මූඩ් එකේ ඉන්නේ. එයා අද සිනමන් එකේ ඉඳපු ටයිම් එකේ ඉඳන් පොඩ්ඩක් අමුතුයි හැසිරුනා.. ලෙඩ පාටයි වගේ.. කෝකටත් වොශ් එකක් දාගෙනම ඇවිත් බලනවා...

අපොයි.... බබා මොකද මේ. ඇයි මේ වමනේ දාන්නෙ...

හෙලෝ.. හෙලෝ.. ශේන් .. යොශී බබා වමනේ දානවනේ.. ඔව් ඔව් කා එකේ ඉද්දිත් පොඩි ඩ්‍රව්සි ලුක් එකක් තිබ්බනේ.... කාපු ඔක්කොම දැම්මා.. අනේ බයයි ශේන්..... නෑ නෑ ඕන නෑ..අපි පොඩ්ඩක් බලමුකෝ... ආහ්.......... මොකද්ද? අහ් පොඩ්ඩක් ඉන්න...

ශේන් කියපු නිසා මම යොශී බබාගේ කන පොඩ්ඩක් උස්සලා බැලුවා ඇතුල කහම කහ පාටයි ලේ බිඳක් නෑ.. එයාලගේ නෝමලි කන් රෝස පාටයි..

අනේ ඒවා කහ පාටයි ශේන්... අහ්.. හා.. එහෙනම් එන්නකෝ..

යොශී මැණික අක්කා එක්ක ඩොක්ට ආන්ටි හම්බවෙන්න ගිහිං එමු හොඳේ...

කෝල් එක තියලා විනාඩි දහයක් ගියේ නෑ අයානුයු ශේනුයි දෙන්නම ආවා..

....... සීනු කෝ යොශී...

......මං මේ කිචන් එකේ.. යොශ් බබා මෙතන බිම නිදි...... මට බයයි ශේන්........

The Bell.... (සීනු)Where stories live. Discover now