යං.අපි එක්කං යමු මෙයාව හොස්පිට්ල්... එයාව උස්සන්න පුලුවන්ද ඔයාට..

දැං බරයි ශේන් එයා... අයාන්ට තමා එයාව උස්සලා ගන්න වෙන්නෙ...

කෝ දෙන්න මම ගන්නම්. ශේන් බබා ඔයා ඩෝ එක අරින්න.. සීනු.. චූටි ඔයා ගිහින් මෙයාගේ බුක් එකයි අනිත් මොනවා හරි තියෙනවා නම් ඒවයි. දැනට මෙයා ගන්න ඔක්කොම විටමින් ටිකයි අරගෙන එන්න.. මෙයාගේ ෆූඩ් බෑග් එකෙත් ෆොටෝ එකක් ගන්න..

ඉන්න මම ඉක්මනට එන්නම්..

දඩි බිඩි ගාලා ඕන කරන ඩීටේල්ස් තියෙන ෆයිල් එකයි. යොශ් බබාට දෙන විටමින් බොට්ල් ටිකයි    එයාගේ කෑම බෑග් එකේ ෆොටෝ එකකුයි අරගෙන  දොරත් වහගෙන කා එකට ආවා..  එතකොටත් යොශ්ව අරගෙන ශේන් පැසෙන්ජ ශීට් එකට නැගලා ඉවරයි. මම පිටිපස්සෙන් නැගලා වාඩි උනා ඒක නිසා..... අපි හැමදාම යොශ්ව ගෙනියන්නේ එම්බාක් එකේ හොස්පිට්ල් එකට ඒක නිසා අදත් එතනටම එක්කගෙන යනවා..

චූටි එම්බාක් නේද?

ඔව් අයාන්...එතන මෙයාව වෙනදටත් ගෙනියන තැනනේ. එයාලා මෙයා ගැන දන්නවත් එක්ක...

ඔව් බබා. එම්බාක් එකටම ගෙනියමු.....

අපිට ට්‍රැෆික් එකත් නිසා එම්බාක් හොස්පිට්ල් එකට එන්නම පැයක් විතර ගියා.. කොහොමහරි ඇවිත් ඇතුලට යනකොට වෙලාවටම වගේ වෙනදට යොශ් ගෙනහම එයාව බලන ඩොක්ට අක්කි හිටියා..

අහ් මේ අපේ යොශ් කොල්ලනේ. මොකෝ මේපැත්තේ.. බෙහෙත් විදින කාලෙත් නෙමේ නේ මේ..

ඩොක් මේ අද දවල් වගේ ඉදන් පොඩි ඩ්‍රව්සි ලුක් එකක් තිබ්බා. අපිත් එච්චර ගණන් ගත්තේ නෑ මෙයා නෝමලි කම්මැලි හිතුනහම එහෙම ලුක් එකක් දෙන නිසා.. පස්සේ හවස මුලු දවසෙම කාපු කෑම ටික වොමිට් කලා.. ඊට පස්සේ කෙඳිරි ගගා හිටියේ.. පස්සේ තමා දැක්කේ කන් දෙක එහෙම හොඳටම කහ පාටයි කියලා..

අද මෙයා මහන්සි උනාද?

ටිකක් ඩොක්. උදේ අපි එක්ක කා එකේ රවුමක් ගියා.. ගෙදර එද්දී 4ට වගේ.....ඊට පස්සේ තමා ගොඩාක් අමාරු පෙන්නුවෙ..

හ්ම්ම්. යාලුවා අපි  ටේබල් එකට නගිමු නේද?
කෝබලන්න........... ඔයා ටිකක් විතර කහ වැඩී වගේ.. අද අක්කා ඔයාට වැඩිපුර කහ දාලා කෑම දුන්නද කොල්ලෝ....

ඩොක් අද දවල්ට එයාට දුන්නේ චිකන් පෝශන් තුනක්. අපි ගෙදර නෙවෙව් හිටියේ නිසා හොටෙල් එකෙන් අරගෙන දුන්නේ..

හොටෙල් එකෙන්... ඒකනේ අවුල.. මෙයාලට ඔය පොඩි පොඩි හොටෙල් කෑම අල්ලන්නේ නෑ..

නෑ ඩොක්... මේ.. සිනමන් ලේක් එකෙන්...

ඔහ්.. එහෙනම් මොකද මේ.. කොහොම නමුත් කෑම වල වගේ අවුල... මෙයා වමනේ කලා විතරද?

ඔව් ඩොක්...

හරි අපි කෝකටත් බ්ලඩ් එකයි.. යූරින් එකයි චෙක් කරමු..

හරි ඩොක්..

ඔයාලා එලියේ ව්ව්‍යිටිං රූම් එකෙන් ඉන්න. මෙයාව අපි ඇතුලට ගන්නවා චෙකප්ස් වලට..එක්කෙනෙක්ට විතරක් ඇතුලට එන්න පුලුවන්.. පිරිමි කෙනෙක් උනොත් වඩාත් සුදුසුයි.. මොකද මේ කියුට් දඩෝරි බබාව උස්සන්න අමාරුයිනේ..

හරි ඩොක්....

මම යන්නම් චූටි.. බබා ඔයා චූටි එක්ක ඉන්න..

කමක් නෑද අයාන්..

මගෙන් මුකුත් නාහා ඉදහං චූටි.. බබා ඔය දෙන්නා අතනින් ඉන්න. මම එන්නම්...

The Bell.... (සීනු)Where stories live. Discover now