හිනාවෙන මළමිනී

20 3 0
                                    

ලේ විලක හරි මැද
බිදී ගිය හදවතක්
පණාදින දරුවෙක්ට
මැරෙන්නට වරම් දී

"දරුවො උබ මැරියං!
අපිට හරි මහන්සියි"
හදවතත් මොලේ හා
එක් වෙලා පුදුමයක්!

අදුරු කලු අගාදෙක
ලදරුවෙක් ගුලි වෙලා
වයස යන මළකදක්
හිනා වෙනු පේනවා!

Dilushi Hirunya ❤️

කවි නිසදැස්Where stories live. Discover now