සිහින(for animal lovers)

165 8 1
                                    

තාම උඹෙ පුංචි අඩි මට හෙමෙන් ඇහෙනවා
ඉතින් මම හෙමි හෙමින් උබ කොහෙද හොයනවා
මගේ ලග ගුලි වෙලා නිදිද උඹ බලනවා
උබ ආයෙ එන්නෙ නෑ, කියා හිත අඩනවා

මගේ පණ චූටි උබ කොහෙද යැයි හොයනවා
ආයෙ එන්නකො මැණික අඩ අඩා කියනවා
එන්නෙ නැති බව මටත් හෙමි හෙමෙන් දැනෙනවා
සතුටින්ම ඉන්න පණ මම ඉතින් පතනවා

ආදරෙයි උබට මම දන්නවද රත්තරං
ආයෙ ආවොත් කියමි හැම දේම උබට මං
මට හරිම පාලුයිනෙ දන්නවද රත්තරං
ආයෙ උබ ඉපදුනොත් මගෙම වී ඉපදියං

🐱❤️

Dil♥️

කවි නිසදැස්Where stories live. Discover now