මල් වත්ත (lgbtq🏳️‍🌈)

33 3 0
                                    

මල් වත්ත

තවත් මලකට පෙම් බැද
මලක් අද පරව ඇත
පැණි උරන කුරුල්ලන් ලග
කුරුළු ජෝඩුවක් තටු සලන රග
අහෝ මෙහෙමත් නාඩගම්
දෙබරු රංචුවක් මල් වත්ත ලග
මල් වත්තෙ බිම කොනක
කුරුල්ලෙකු මිය ගොස්‍ ය.
කුරුල්ලෙකු හෝ මලක්
කොහේ ඇති වෙනසක් ද
කොහොම හරි තියෙන කොට
ලස්සනයි ඇස් දෙකට
පාට උනු සමනලුන්
පියබනා අපූරුව
කොහොම නම් හිතන්නද
දලඹු වෙස් තිබුන වග
ඒ අතර තව කොනක
පැණි ගන්න බිගුන් රැල
මලක් සෙවු මල්ද දැන්
බිගුන් ලග නැවතීද
අහින්සක කුරුල්ලන්
මල් අසල නැවතීද
සමහරක් මල් තනිව
පිපී පර වෙනු ඇතිද
කුරුල්ලෙකු තනියෙන්ම
පියඹ දුර යන්නේද
දෙබරු දුටු "නාඩගම"
නොවෙද මේ මල් යාය
දේදුන්නෙ පාට ලග
ලස්සනට හැඩ වෙන

Dil❤️

කවි නිසදැස්Where stories live. Discover now