අපූර්ව අපූරුව

16 2 0
                                    

ප්‍රේමයේ වහල් බව අසල
සිය හුස්ම සොයා වෙහෙසෙන
පෙමින් මත් උනු වහලුන් කැල
මරණය අභියස සිනා සෙන අපූරුව

මද සුලග ලග පවා
බිදී යාමට සැරසි
අහසේ දුර ගිය සරුංගල්
තවමත් සුලගේ ප්‍රහාරයන් ඉවසන අපූරුව

තමා ඉදිරියේ වන වෙනස්කම
දැකීමට ඇස් අහිමි මිනිසුන් හා
ප්‍රේමයෙන් දෑස් බැද
අඳ බවට පත් වූ මිනිසුන් සිටින අපූරුව

ඉතින් සොදුර,

අපූර්වයි කීමට නොහැකි බොහෝදේ ලග
ජීවිතය අපූර්ව වූ අපූරුව

ප්‍රේමම්!Tahanan ng mga kuwento. Tumuklas ngayon