අවසන් කොටස

1.2K 194 76
                                    

තීක්ෂණ දන්නවා.

සංකේත්ගෙ සංගීතය ඇහුණා තියලා තීක්ෂණ දන්නවා.

ආදිත්‍යට ජීවිතේ කවදාවත් බලාපොරොත්තු නොවුන විදිහට ආයෙමත් මොහොතකට හරි අහන්න ලැබුනේ සංකේත් නිසාමයි.

නිහඬ ලෝකයක අවුරුදු ගානක් ගිලිලා ඉඳලා... ඒ විනාඩි දෙකතුනක සංගීත ඛණ්ඩය ආදිත්‍යට ඇහෙන්න හේතු කාරණාවවුනේ ආදිත්‍ය ප්‍රේක්ෂකාගාරයේ ඉඳගෙන හිටපු තැනවත්... සංකේත් වේදිකාවේ ඉදගෙන හිටපු තැනවත්... එහෙමත් නැත්තං ශබ්ද සංඛ්‍යාත... වාදන උපකරණවල තාරතාව... බොහොම නූතන තාක්ෂණයත්එක්ක එකතුවෙලා මවාපාපු තාක්ෂණික විපර්යාසයක්වත්... ආදිත්‍යගේ වාසනාවවත් නෙමෙයි.

එකම හේතුව සංකේත්.

ආදිත්‍ය හුස්මක් හෙලලා තිරය වැහුණ වේදිකාවදිහා නිහඬව බලාගෙන හිටියා.

🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼

සංකෙත් වෙදිකාවෙන් නැගිට්ටේ වචනෙයෙන් විස්තර කරගන්න බැරි අන්දමේ සංතෝශයකින්.

සතුටින් නටන මායාබලය එයාගේ ඇඟේ විදුලියක් වගේ ගමන් කරනවා. වෙදිකාවෙන් එන්න කලින් කන් බිහිරිකරවන තරමින් නැඟුන අත්පොලසන් නාදය පිලිගන්න යන්තම් අතක්වනලා ආචාර කරනවා විතරක් සංකෙත්ට ලාවට මතකයි. ඊලඟට වාදනයට සහයවෙන්න උදව්වුන ඉස්කෝලේ ලමයි දෙන්නටත් තමන්ගේ දෙපැත්තට එන්න කියලා තුන්දෙනම ප්‍රේක්ශකාගාරයට හිස නවලා තිරය වැහෙනකල් බලාගෙන ඉඳියේ වෙදිකාවෙන් ඉවත්වෙන්න ලොකු උවමනාවකින්.

තිරය වැහුන වෙලාවේ වෙදිකාව පිටිපස්සට ඇවිල්ලා අතටඅතදීලා සුභපතන්න ආවේ කවුද... මොනවද කිව්වේ... සංකෙත්ට ඒ කිසිම දෙයක් මතක නැහැ.... කාමරේට ඇවිල්ලා කුර්තා එක ගලවලා පරන ටීශර්ට් එකකුයි කලිසමකුයි දාගන්නවත් මතක නැහැ... සිතාරය කලුපාට බැග්එකට දාගත්තේ සිහිනයෙන් වගේ....

පිටතින් අඩි ශබ්දයක් ඇහෙනකොට සංකෙත් ඒ දිහා බැලුවා.

ප්‍රසන්න සර් ඇවිල්ලා. සර්ගේ මුහුනෙත් ඉතුරුණු හිනාවක්. සංකෙත් ඉක්මන් අඩියතියලා පුංචිකාලේ ඉඳන් තම්න්ට උගන්වපු මෙච්චර දේවල් වෙලත් තමන්ව අතහැරලා නොදාපු ගුරුතුමාට වැන්දා. ප්‍රස්න්න සර් එයාගේ ගෝලයගේ උරහිස් අල්ලාගත්තේ වදින්න අවශ්‍ය නැහැ කියලා ඉඟිකරන්න වගෙයි.

අසුර හැන්ඳෑවحيث تعيش القصص. اكتشف الآن