විසිහයවන කොටස

660 132 10
                                    

විසිහයවන කොටස

සංකේත්ගේ පොඩි ඇඳටවෙලා ආදිත්‍ය ගැඹුරු නින්දකට වැටුණා. නිදාගන්න යනකොට සංකේත්ගේ තුරුලටවෙලා බොහොම උණුසුමින් සැපපහසුවට ගුලිගැහිලා හිටිය සංකේත්, ආදිත්‍ය නින්දෙන් අවදවෙනකොට එතැන නැහැ.

ඇඳ සීතලම සීතලයි... ආදිත්‍යට වෙනදට තනියම නිදාගෙන නැඟිටිනකොට නොදැනෙන විදිහෙ තනිකමක් ඒ වෙලාවෙදි දැනෙන්න ගත්තා.

කාමරේ ඇතුලෙ කළුවරයි. පිටතින් ගලාගෙන ආපු පුංචි ආලෝකයක් ජනෙල් තිර මැද්දෙන් අඳුරු කාමරය ආලෝකවත් කළා. තවත් පොඩි එළියක් කුස්සිය පැත්තෙනුත්... සාලේ පැත්තෙනුත් එනහැටි ඔලුව උස්සල බලපු ආදිත්‍ය දැක්කා.

ආධිත්‍ය ඇඳේ ඉඳගෙන ඇඟිලිවලින් ඇස් පිසදාගත්තා. නිදිබර ඇස් අඳුරට හුරුවෙනකොට ආදිත්‍ය ඇදගෙආපු ටයිකෝට් ඇඳුම් අල්මාරිය පැත්තකින් ලස්සනට පිළිවෙලකට එල්ලලා තියෙන හැටිත්... ආදිත්‍යට ඇඳගන්න වෙනමම ටීෂර්ට් එකකුත් සැහැල්ලු කලිසමකුත් ඊට එහාපැත්තේ රැක්එකේ නවලා තියෙනහැටිත් එයාට පෙනුනා.

සංකේත් නිදාගෙන හිටිය පැත්තෙ කොට්ටේ උඩ තිබුණු පුංචි කඩදාසි කෑල්ල ආදිත්‍යගේ ඇහැගැටුනේ ඊට පස්සේයි.

— රෑ කෑම ගේන්න පහට ගියා. හයට කලින් එනවා.---

සංකේත්ගේ නෝට්එකදිහා බලලා හුස්මක් හෙලපු ආදිත්‍ය, එයා වෙනුවෙන් වෙන්කරපු ටීෂර්ට් එකත්... ලාදුඹුරු පාට බොටම් කලිසමක් ඇදගත්තා. ඇඳුම් දෙකම ආදිත්‍යගේ ඇඟේ ගානට. ඒක්කෝ ඒ ඇඳුම් සංකේත හිර වැඩි වෙන්න ඕනේ එහෙම නැත්තං සංකේත ආදිත්‍ය වෙනුවෙන්ම අලුත් ඇඳුම් කිහිපයක් අරගෙනද කොහේද...

සංකේත් කඩේට ගිහිල්ලා තමන් වෙනුවෙන් අඳින ඇඳුම් දෙකතුනක් ගත්තා කියලා හිතුවහමත් ආදිත්‍යගේ හිතට දැනුනේ හරි ආදරබර හිතුවිල්ලක්.

ආදිත්‍ය ෆෝන්එකෙන් එයාගේ විද්‍යුත් තැපැලගොනුවට ගොඩවෙලා දවල්වරුවේ ඉඳන් එයාට ලැබිලා තිබුණු ඊමේල් පණිවිඩ එකින්එක බලන්න ගත්තා. තිලකවර්ධන මහත්තයගෙන් නම් කිසිම පණිවිඩයක් නැතිවුණාට වෙනත් අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් උදේවරුවේ රැස්වීමේදි කරපු යෝජනා සම්බන්ධයෙන් විවිධ ආකාරයේ අදහස් පළකරපු පණිවිඩ විශාල ප්‍රමාණයක් ලැබිලා තියෙනහැටි දැකපු ආධිත්‍යය ඒවා එකිනෙකට කියවමින් පිළිතුරු දෙන්නවුණා. මාමා එයාව සම්බන්ධ කරගන්න උත්සාහකර ගනීවි කියලත් ආදිත්‍යට බලාපොරොත්තුවක් නැහැ.

අසුර හැන්ඳෑවWhere stories live. Discover now