විසිදෙවන කොටස

667 144 17
                                    

ආදිත්‍ය කාර් එකේ නැඟිලා සංකෙත් එක්ක සංක්තෙගේ ෆ්ලැට් එකට එන්න පිටත්වුනා. මුළු ගමනම සංකෙත් නිහඬයි. ආදිත්‍ය කතාකරන්න උත්සහ කළෙත් නැහැ. එයාට අවශවුනේ සංකෙත් එක්ක තනිවෙන්න... සන්සුන්වුණු සංකෙත් එක්ක කතාකරන්න. ඒත්- පාරේ කලබල... වාහන සද්ද... හොන්හගහන සද්ද එක්ක කතාබහක යෙදෙන්න තරම් සුදුසු වටපිටාවක් ආදිත්‍ය දැක්කේ නැහැ.

'ගෙදර ගියාට පස්සේ... ගෙදර ගියාට පස්සේ ඕනෙ තරම් වෙලාව තියෙනවා...' ආදිත්‍ය එයාටම කියාගත්තා.

අහන්න නම් දේවල් ඕනෙ තරම්... ඔක්කොමටත් වඩා ආදිත්‍යට දැනගන්න ඕනේවුනේ විකාශ් කියපු සංගීත ප්‍රසංගය ගැන... ඉස්කෝලෙට ආධාර එකතුකරන්න? ඉතින් ඇයි සංකේත ඒගැන නොකිව්වේ? තව ආදිත්‍යට-

සංකෙත්ව සිපගන්නත් ඕනේ.

'සංකේත්ව තුරුල්කරගෙන සිප ගන්නකොට මොන වගේ දැනේවිද?' මාස දෙකක් වෙන්න එනවා තාමත් හාද්දක් දුන්නේ නැහැ කියලා කිව්ව වෙලාවේ ඉඳලා ආදිත්‍යගේ ඔලුවෙන් කැරකුණේ ඔය අදහසයි. කාර් එකට නඟින්න කලින් එනගමනේ සංකෙත්ගේ කම්මුලට පොඩි කිස් එකක් දුන්නට- ඒක නිකං ඉස්සරහට කඩාගෙන වැටෙන්න යන මහවැස්සට කලින් වැටෙන පොද ගැසීමක් විතරයි කියලා ආදිත්‍යට හිතුනා.

විටින්විට ආදිත්‍ය සංකේත්ගේ අතක් එයාගේ අතින් පිරිමැද්දට තවදුරටත් ඒ ස්පර්ශය ප්‍රමාණවත් කියලා ආදිත්‍යට දැනුනේ නැහැ. සංකේත සිපගන්නට පටන්ගත්තට පස්සේ වෙන කිසිම දේකින් සෑහීමකට පත්වෙන්න බැරිවේවි කියලා අදිත්‍යගේ යටි හිතට දැනෙනවා.

සංකෙත්ගෙ තට්ටු නිවාසයට අදාල රථගාලේ වටයක්ම කැරකිලා වාහනේ නවත්තන්න තැනක් හොයාගත්ත ආධිත්‍ය කාර් ක නවත්තපු ගමන්ම එහාපැත්තට ගිහිල්ල සංකේතට වාහනයෙන් බහින්න දොරඇරියා. ඊළඟට උඩම තට්ටුවෙ සංකේත්ගේ පොඩි ගෙදරට යනකල් ආයෙමත් සංකේත්ගේ කරට අතදාලා තුරුළුකරගෙන ගියේ ටික වෙලාවක්වත් එයාට ඈතට යන්න නොදෙන්න හිතාගෙන වගෙයි.

සංකේත් ගෙදර ලඟදි පොඩ්ඩක් පසුබට වෙනවා වගේ ආධිත්‍යට පෙනුනා. ඇයි...? සංකේත්ගේ හිතේ දෙගිඩියාවක් මතුවෙලාද? ඒ ගැන අහන්නත් හදලා ආදිත්‍ය නිහඬවම සංකේත් දොර ඇරගන්න හරි යතුර තෝරන්න ගන්න මහන්සියදිහා හිමින් සැරේ බලාගෙන හිටියා.

අසුර හැන්ඳෑවWhere stories live. Discover now