දෙවෙනි කොටස

1.2K 212 27
                                    


දෙවෙන කොටස

"ඇයි මොකක්ද ප්‍රශ්නේ?"

ආදිත්‍යගේ අම්මගේ මල්ලි- ‍රංග රෙනොල්ඩ් තිලකවර්ධන එතැනට මතුවුනේ හැඟිලා හිටිය කෙනෙක් ඉඟියක් දුන්නා වගෙයි.

"ආදිත්‍යගේ ඉන්ටප්‍රිටර් ඇවිල්ලා නෑ..." කෝල් කරන්න ගිය වැඩෙත් අතරමඟ නතර කරපු මලිති කිසිදු හිතවත්බවක් නැති හඬකින් තිලකවර්ධන මහත්තයාගේ ප්‍රශ්නයට ප්‍රශ්නෙට උත්තර දුන්නා.

මාමා එතැනින් වෙන කොහෙටවත් යැවේවා කියලා ආදිත්‍ය දිගින් දිගටම හිතින් ප්‍රාර්ථනා කරත් තිලකවර්ධන මහත්තයා නෙමෙයි අඩියක්වත් හෙලවුනේ!

"ඕ...හ් ඇත්තද?" සිදුවීම ගැන පුදුමයට පත්වුනා වගේ හැගීමක් තිලකවර්ධන මහත්මයාගේ මුහුණට ආරූඩ වෙලා තිබුනට ඊට යටින් ආදිත්‍යට නම් පෙනුනේ මාමා වෙච්ච දේවලින් බොහොම සතුටට පත්වෙලා ඉන්න බවකුයි.

තිලකවර්ධන මහාත්තයාගේ මුහුණේ කොයි වෙලාවක බැලුවත් හිනාවක්. මුහූන දෙන්නේ සුභ දෙයක් වුනත් අසුභ දෙයක් වුනත් ඒ හිනාවේ අඩුවක් නම් වෙනවා ආදිත්‍ය දැකලම නැහැ. තිලකවර්ධන මහත්තයාගේ හිනාව අතුරුදහන්වුනානම් ඒ රතු කට්ට පනින්නම කේන්ති ගිය වෙලාවකදි විතරයි. අනිත් මිනිස්සුන්ව අපහසුතාවයට පත්කරලා සතුටුවෙන ගතියක් තිලකවර්ධන මහත්තයාගෙන් දැක්ක ආදිත්‍ය සමහර වෙලාවට මාමා එයාගේ බොත්තං ඔබල හිතාමතාම වයින් කළාද කියලත් හිතුනා.

ළඟම ඥාතියෙකු උනහම එහෙමද හැසිරෙන්න ඕනේ? තමන්ගේ බෑනාගේ ආබාධිතකම උපහාසයට අරගෙන විහිළුකරන් එකද මාමා කෙනෙක් කරන්න ඕනේ?

හැබැයි තිලකවර්ධන මහත්තයා හැමදාම එහෙම කළෙත් නැහැ. අවුරුදු ගානකට කලින් එයාගෙන් ආධිත්‍යයට හම්බුනේ බොහොම වටිනා කියන උපදෙස්ම විතරයි. ඉඩම් සංවර්ධන ව්‍යාපාරය ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉඳලා ආදිත්‍යගේ තාත්තගේ සමාගමට බැඳුණු තිලකවර්ධන මහත්තයට ප්‍රසන්න බෝපිටියගෙත් වැඩි කැමැත්තක් තිබුණෙ නැහැ. ඒක ආදිත්‍යගේ අම්මා ඉඳලා සමාගමේ බොහොම දෙනෙක් දන්නවා. අස්වීමේ ලිපිය සූදානම් කරලා තියෙද්දි තාත්තා ඒක මාමට නොදුන්න එකම හේතුව තිලකවර්ධන මහත්මයාගේ තිබුණු ව්‍යාපාරික දක්ෂතාවයම විතරයි.

අසුර හැන්ඳෑවTempat cerita menjadi hidup. Temukan sekarang