විසිඅටවන කොටස

626 136 10
                                    

විසිඅටවන කොටස

සංකෙත්ගේ පපුව වේදනාවෙන් දනවා... ඇස්වලින් කඳුළු මතුවෙලා... උගුර හිරවීගෙන ඇවිල්ලා හුස්මගන්න අමාරුවෙන තරමට එයාට වේදනාව දැනෙන්න ගත්තා.

වේදිකාව නැතුව සංකෙත්ට දැනෙන තනිකම වචනයෙන් විස්තර කරගන්නත් බැරිතරම්. කාලයක් මුළුගැනිවිලා ඉඳලා ආයෙමත් මිනිස්සු පිරිසක් ඉස්සරහා වෙදිකාවට නඟින්න එයාට දැනෙන්නේ විශාල ආශාවක්. ඒත් ඒ ආශාව ඒ හා සමානම බයකින් සමබරවෙලා ගිහිල්ලා. කාලකෙට කලින් ජීවිතේ ආදරේකරපු... ආසාවෙන් හිටිය හැමදෙයක්ම සංකෙත්ට නැතිවුනේ වේදිකාව නිසා. එහෙම අතීතයක් එක්ක ආයෙමත් එතැනට ගමන් කරන්න සංකෙත්ට දැනුනේ අවිනිශ්චිතබවක්.

'ආයෙමත් මට හැමදෙයක්ම නැතිවුනොත්?' සංකෙත්ගේ යටිහිත එයාගෙන ප්‍රශ්න කරනවා.

ඇස්වලින් ගලන කඳුළු නවත්වගන්න සංකෙත් ඇඟිලි දෙකකින් දෑස්අග්ගිසි තද කරගත්තා.

සංකෙත් ආයෙමත් එයාගේ අතක් දිගහැරියේ රිමෝට් කන්ට්‍රොල්එක අරගෙන චැනල් එක වෙනස් කරන්න කියලා හිතාගෙන. එහාපැත්තේ සෝෆාවේ කෙලවරකට වෙන්න තිබුනු ආදිත්‍යගේ පොත සංකෙත්ගේ අතේ වැදිලා බිමට වැටුනේ සංකෙත්ට ඔච්චම් කරන්න වගෙයි. කවුරුහරි හිතලම දිගැහැරියා වගේ පොත සංකෙත්ගේ විස්තරේ තිබුන අංක එකසිය තිස්නවය පිටුවටම පෙරලිලා තියෙනවා දැක්ක සංකෙත් පොතගන්න නැවිලා අතක් ඒකට දික්කරගෙන බොහොතක් වෙලා බලාගෙන හිටියා.

සංකෙත් ශර්මා - සිතාර් වාදන ශිල්පී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සංකෙත් ශර්මා - සිතාර් වාදන ශිල්පී

ඇඟිලිවලින් යන්තමින් අල්ලගෙන පොත අතටගත්ත සංකෙත්ගේ ඇස් බොහොම පිලිවෙලට සටහන් කරපු ඉංග්‍රීසි අකුරුදිගේ විස්තරය කියවගෙන යන්න පටන්ගත්තා.

අසුර හැන්ඳෑවWhere stories live. Discover now