අටවන කොටස

694 170 14
                                    

තිලකවර්ධන මහත්තයාගේ කතාව සංඥා භාෂාවට පරිවර්තනය කරන ලක්මාල් දිහා ආදිත්‍ය බොහොම උවමනාවෙන් බලාගෙන හිටියා.

"- ජ්වෙලරි ශෝ එකෙන් පස්සේ තුන්වෙනි සතියටත් බෝපිටිය සමාගමේ කොටස්වල අගයේ අඩුවීමක් දකින්නට ලැබෙනවා... පිළිගැනීමේ කතාව ඇතුලේදී ආදිත්‍ය කියපු කරුණුකාරණා ගැන අපේ ආයෝජකයන්ගේ හිතේ සෘණාත්මක ආකල්පයක් ඇතිවෙලා වගේ ඉන්වෙස්ට්මන්ට් කරන්න උනන්දුව අඩුවෙලා වගේ තමයි පේන්නෙ තියෙන්නේ..."

මාමාගේ චෝදනාවට ආදිත්‍යගේ කන් දෙකත් ලැජ්ජාවට රත්වෙලා ගියා.

තුවක්කුවක් අරගෙන වේදිකාවට ගොඩවෙලා වටේටම වෙඩි තිබ්බ වගේ තමයි මාමාගේ කතාව.

හැබැයි... එකපැත්තකින් තිලකවර්ධන මහත්තයාගේ වචන ගැන ආදිත්‍යට එච්චර ලොකු පුදුමයකුත් නැහැ... මොකද කන් ඇහෙන්නැති කතාකරන්න ආබාධ සහිත මනුස්සයෙක් සමාගමේ ප්‍රධාන පුටුවටපත් වුණොත් සමාගමේ ආයෝජකයන්ගෙ හිත්වල විශ්වාසය අඩුවෙලායාවි කියන කාරණාව තිලකවර්ධන මහත්තයා කියපු හෝ අඟවපු පළවෙනිවතාව මේක නෙමෙයි. ආධිත්‍යයගේ මාමා නොකියා කිව්වේ, සමාගමේ තරගකාරයන්ට වගේම ආයෝජකයන්ටත් ආදිත්‍යගේ ආබාධිත තත්ත්වය නිසා මුළු බෝපිටිඅ සමාගම ගැනම බොහොම දුර්වල සහ නොහැකියාවක් සහිත ආකල්පයක්... ප්‍රථිරූපයක් මැවේවි කියලයි.

කොහොමවුනත්... ඒ වෙද්දි නං ආධිත්‍යයට මාමගෙ කතා තිත්ත වෙලා.

ඔව්... ඇත්ත! පිළිගැනීමේ කතාව කරන අතරවාරයේ දී ක්ෂේත්‍රයේ ඉන්න බලවත් සමාගම්වලට විරුද්ධව වචනයක් දෙකක් ආදිත්‍යගේ කටින් පිටවුණා තමයි. ඒත්... එයාගෙ තාත්ත එයාගේ කතා පැවැත්වීම්වලදී කරපුකියපු චෝදනාවල හැටියට ආදිත්‍යගේ වචන ගණන් ගන්න බැරිතරම් බොහොම සුළු දේවල්.

එතකොට කොටස් වෙළඳපොලේ බෝපිටිය සමාගමේ කොටස්වල අගය විචලනයවීම්...?

ආදිත්‍ය වේදිකාවක් උඩ නැගලා කතාවක් කරත් නොකලත් සමාගම්වල කොටස් වටිනාකම් දවසින්දවස හැමතිස්සෙම ඉහල පහල යනවා. මැණික් හා ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය කියන්නේ අනෙක් සමාගම්වලටත් වඩා අගය විචලනයවීම් වැඩි තැනක්! තිලකවර්ධන මහත්තයාගේ ආඬපාලි අහනවටවඩා වැඩ ගොඩාරියක් ආධිත්‍යයටයි... අනෙක් අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයන්ටයි තියෙනවා කියලා මාමාට පේන්නේ නැද්ද? සමාගමේ කොටස් අගය පොඩ්ඩක් පහලට ගියා කියලා, සමාගම කඩා වැටෙන්නේ නැතිබව මීටින් රූම්එකට එකතුවෙලා මාමාගේ විස්තරේ අහගෙන ඉන්න අධක්ශක මණ්ඩලේ හැමෝම දන්නවා කියලා ආදිත්‍යට විශ්වාසයි.

අසුර හැන්ඳෑවWhere stories live. Discover now