සමාගමේ වැඩකරන මිනිස්සුන්ගෙන්... හිතමිතුරන්ගෙන් ඈත්වෙලා අදිත්‍යයි කේසරයි මුණගැහුනේ බොරැලැස්ගමුවේ ප්‍රදාන පාර කිට්ටුවම නමුත් නිදහස් පරිසරයක පිහිටලා තිබුනු 'නයින් ටු ටෙන්' රෙස්ටුරන්ට් එකේදි. ආදිත්‍ය යනකොටත් කේසර පුරුදු විදිහටම උඩ තට්ටුවේ කෙලවරකට වෙන්න තිබුණු මේසෙක වෙලා ලොකු කෝපි කෝප දෙකකුත් තියාගෙන බලන් ඉන්නවා.
ඊලඟට දෙන්නම දවල් කෑම වෙනුවට පොඩි කෙටි කෑම ජාතියක් රසවිඳලා වැදගත්කමක් නැති කතාවලින් හිස්තැන් පුරවාගෙන හෙමින් සැරේ කෝපි කොප්පයේ ඉතුරුටික තොල ගෑවා. අවසානයේ හෝටලේ සේවකයෙක් කේසරට රට ඉඳි කේක් කෑල්ලකුත්... ආදිත්‍යට අයිස්ක්‍රීම් බෝල්එකකුත් අතුරුපසක් හැටියට තියලා ගියාට පස්සෙයි එතන කතාබහ වෙනස් පැත්තකට හැරෙන්න පටන්ගත්තේ.
කේසර එයාගේ ලැප්ටොප් එක දිගහැරගත්තා.
"ඇති යන්තම්..." ආදිත්‍ය තොල් මැතිරුවේ කේසරදිහා බලලා යන්තම් හිනාවෙලා.
"මම හිතුවා දවස් ගානකින් හම්බවෙන්න බැරිවුන නිසා මුණගැහෙන්න ඕනේ කිව්වා කියලා..." කේසර විහිලුවට කිව්වා.
"අයියේ මම තමුසෙට කැමැතියි. ඒත් එච්චරටම කැමැති නැහැ..." ආදිත්‍යත් විහිලුවෙන්ම කිව්වේ අතක් රවුමට කරකවලා 'ඉතිරිය ඉස්සරහට කියාගෙන අන්න බලන්න...' කියලා සංඤාවක් දෙනගමන්.
"පොඩ්ඩක් ඉවසන්න පුරුදුවෙයන්, ආදිත්‍ය..." කෙසර කට කොණකින් හිනාවුනා. "මට මල්ලිත් කිව්වා කලින් දවසේ බෝඩ්මීටින් එකෙන් පුටුපෙරලගෙන එලියට ගියහැටි."
ආදිත්‍ය මුකුත් නොකිව්වට එදා හැසිරුණු විදිහ මතක්වෙල යන්තමින් ලැජ්ජාවට මුහුණ රතු කරගත්තා. "- රායා වගේ නෙමෙයි, කේසරට අයියා... මට නම් ඉවසන්න හොඳට පුළුවන්... -" ඇයි ආදිත්‍ය විතරක් ලැජ්ජවෙන්න ඕනේ නැහැනේ! රායාට කේසර ගැන තියෙන ක්‍රශ්එක එයාලාගේ මිතුරන් අතරේ නොදන්න කෙනෙක් නැහැ. කලින් කවුරුත් හිතුවේ කේසරගේ හිතේ රායාගැන එහෙම ආදර අදහසක් නැහැ කියලා වුනත්... කේසරත් රායාට ඇල්මක් දක්වනවා කියලා කවුරුත් දැනගත්තේ මෑතකදි. "- තව ටික දවසක් බලලා රායා තමුසෙව කිඩ්නැප් කරනවා ආයේ දෙකක් නැහැ... -"
YOU ARE READING
අසුර හැන්ඳෑව
Romanceප්‍රසිද්ධ ව්‍යාපාරික යුවලකගේ එකම පුතා වුණු ආදිත්‍ය බෝපිටිය ශ්‍රවණ ආබාධිත තරුණයෙක්. දෙමාපියන්ගේ හදිසි වියෝවෙන් පස්සේ ආදිත්‍යට සමාගමේ ප්‍රධානියා හැටියට වැඩ භාරගන්න සිදුවෙලා. ඒත්- කන් ඇහෙන්නෙ නැති කොල්ලෙක් කොහොමද රටරටවල පැතිරුණු ව්‍යාපාරයකට කරගහන්නේ...