හයවන කොටස

778 172 11
                                    


"- මං එන්න ඕනෙද? -"

සංකෙත් හස්ථ සංඥාවෙන් අහනව දැක්ක ආදිත්‍ය ඔලුව දෙපැත්තට වැනුවා. ආදිත්‍යගේ පිළිතුරෙන් සංකේත් තරමක් පසුබෑමට ලක්වුණත් ආයෙමත් මූණට හිනාවක් නංවාගෙන රායාගේ පැත්තට හැරුනේ කිසිම අකමැත්තක් නැතිපාටක් මවාගෙන. මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන පැත්ත සැලකුවොත් ලක්මාල්ටවඩා සිය ගුණයක දක්ෂතාවයක් සංකේත්ට තියෙනබව ආදිත්‍යට පැහැදිලියි.

"ලක්මාල් නෑ," ආධිත්‍යය එයාගේ යාළුවා කේසරට කිට්ටුවෙන් හිටගෙන කටින් කියන්න පටන්ගත්තා. "මලිති දන්නෙත් නෑ මම කියනකල්... තීක්ශන- ලක්මාල්ගේ සුපර්වයිසර් දන්නෙත් නෑ මලිති එයාට කියකල්."

කේසර අතකින් නිකට අතගාගත්තා. "මාරයි! තමුසෙට වැදගත් දවසක් ආව විතරයි මිනිහා මිසිං..."

"මාත් කල්පනා කලේ ඒකම තමයි..." ආදිත්‍ය ඔලුව ඉහලපහල වැනුවා. "ලක්මාල් ඔය වැඩේ දැන් පුරුද්දකට අරගෙන වගේ කරනවා.."

"දැනට කී ගමනක්ද?" කේසර නලල රැලිකරගත්තා.

"කී ගමනක්ද කියලා මටත් හරියටම මතක නැහැ..." ආදිත්‍ය කිව්වේ කටත් එක්ක ඇඹුල් කරගෙන.

"ලක්මාල් ගැනත් හොයලා බලන්න කියලා කලින් නොකිව්වේ ඇයි?" රහසක් හංඟාගන්න හදනවා වගෙ කේසර ඇහුවේ හිමිස් සැරේ වටපිට බලන ගමන්.

ආදිත්‍ය හිනාවුනා. "තමුසේ හදන්නේ කේසර අයියේ මගෙන් තව ගානක් කඩාගන්න..."

කේසර කට කොනකින් හිනාවුනා. "ලක්මාලයව දැකපු දවසේ ඉඳලා මට ඇල්ලුවේ නැහැ... මට සල්ලි ඕනිනෑ... ඌ ගැන හොයලා බලන්නම්... මට ගොඩක්ම සැක හිතුනේ අම්බලන්ගොඩ වයසක කපල් එකේ ඉඩම ගැන කරපු සාකච්චාව ට්‍රාන්ස්ලේට් කරන්වා දැක්කට පස්සෙයි..."

නෙත්මිනයි කේසරයි කසින්ස්ලා. නෙත්මිනව බලන්න ඔෆිස්එකට එනවා වගේ ආපු වෙලාවක ආදිත්‍යව මුණගැහුන කේසර, අම්බලන්ගොඩ පැත්තේ ඉඳලා ආපු වයසක මැණික් ව්‍යාපාරික දෙපලක් එක්ක ආදිත්‍යයි ලක්මාලුයි කරපු කතාව බලාගෙන ඉඳලා පස්සේ ආදිත්‍යට ඒගැන කතා කලේ තරමක් සැකසහිත බවකින්. නෙත්මින නම් කවදාවත් ලක්මාල්ගැන එයාගේ හිතේ තිබුණු අකමැත්ත හංඟාගෙන හිටිය කෙනෙක් නෙමෙයි. ඒත්- කේසර එහෙම ඕනැවට එපාවට මනුස්සයෙක් ගැන නරකක් නොකියනබව දන්නා ආදිත්‍ය ලක්මාල් ගැන තරමක්වත් සැකෙන් බලන්න ගත්තේ කේසරගේ අනතුරු ඇඟවීමෙන් පස්සෙයි.

අසුර හැන්ඳෑවTempat cerita menjadi hidup. Temukan sekarang