පලවෙනි කොටස

3.9K 273 25
                                    

අසුර හැන්ඳෑව

අනුවර්තය

අංජන කුමරසිරි

පළමු පරිච්ඡේදය

-------

පළමු කොටස

"ලොකු සෙනඟක් ඒවි කියලා හියුමන් රිසෝස් එකෙන් කිව්වට මෙහෙම උතුරන සයිස් එකට ගලාගෙන ඒවි කියලා මමත් හිතුවේ නැහැ!"

බොහොම උද්යෝගයෙන් සංඥා භාෂාවෙන් කියපු නෙත්මිනගේ අත් 'ලොකු' කියලා අඟවන්න රවුමට ගනිද්දී බීම බන්දේසියක් අරගෙන ලඟින් ඇවිදගෙන ගිය සේවකයෙකුගේ ඇගේ නොවැදී බේරුනේ අනූ නමයෙන්.

බෝපිටිය මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය පටන් ගත්ත කාලේ ඉඳන් සීයදෙසීය ගණනින් වැඩිවුණ මිනිස්සු ප්‍රමාණය එකපාරම දහස් ගණනකින් වැඩිවෙලා!

හිතේ ගොඩනැගීගෙන එන නොසන්සුන්කම පිහිදලා අරින අදහසින් ආදිත්‍ය බෝපිටිය උදේට මුහුණ හෝදනකොට කරනවා වගේ  අත්දෙකින් මූණ අතුල්ලා ගත්තා. එහෙම කලාට ආදිත්‍යගේ හිතේ තිබුණු නොසන්සුන්කම පොඩ්ඩක්වත් අඩුවුනේ නම් නැහැ. 

සිරිමාවෝ බණ්ඩාරණායක ප්‍රදර්ශන ශාලාවේ ඇතුලේ පිරිලා ඉන්න සෙනඟ දැක්කම ශාලාවේ බිත්තියක්වත් ගලවගෙන එලියට වැටෙයිද කියලත් ආදිත්‍යට හිත

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සිරිමාවෝ බණ්ඩාරණායක ප්‍රදර්ශන ශාලාවේ ඇතුලේ පිරිලා ඉන්න සෙනඟ දැක්කම ශාලාවේ බිත්තියක්වත් ගලවගෙන එලියට වැටෙයිද කියලත් ආදිත්‍යට හිත. 'නැත්නම්... එක්කෙනෙක් දෙන්නෙක් පෑගිලවත් මැරේවි.' ලබන අවුරුද්දටත් මේ වගේම සෙනඟක් එකතු වුනොත් මීටත්වඩා විශාල ප්‍රදර්ශන ශාලාවක් කොහෙන් හොයා ගන්නද කියලා කල්පනා කරන අතරේ ආදිත්‍ය ලොකු හුස්මකින් පපුව පුරවාගත්තා.

"-අඩෝ! මොකෝ අවුල?-" අවධානය ගන්න ආදිත්‍යගේ මූණ ඉස්සරහින් අතක් වනපු නෙත්මින හස්ථ සංඥාවෙන් කියන්න ගත්තේ නළලත් රැලි කරගෙන. "-මූණත් ටිකක් සුදුමැලිවෙලා වගේ.-"

අසුර හැන්ඳෑවWhere stories live. Discover now