දහඅටවන කොටස

660 153 9
                                    

දහඅටවන කොටස

"අපි පොඩියට පටන් ගමු...?" සංකෙත් නිහඬව ඉන්නකොට ඒක තමන්ගේ ප්‍රශ්නෙට උත්තරයක් හැටියට බාරගත්ත ප්‍රසන්න සර් කතා කරන්න පටන් ගත්තා. "ඉස්කෝලේ ෆන්ඩ් රෙයිසින් එකට පොඩි පර්ෆොමන්ස් එකක්? ඒක කොහොමද?"

සංකෙත්ට එකටම මතක්වුනේ විකාශ්ව. පිස්සු බල්ලෙක් වගේ පස්සෙන් පන්නගෙන ආපු ඒ මිනිහා සංකෙත් කියන්නේ කවුද කියලා ලෝකෙටම ගිනිතියාවිද?

"විකාශ්–?"

"විකාශ් ගැන මම බලාගන්නම්. මම විකාශ්ට පැහැදිලි කරලා කිව්වා, සංකෙත් ජනප්‍රියකමක් බලාපොරොත්තුවෙන කෙනෙක් නෙමෙයි... එ නිසා අනවශ්‍ය විදිහේ බලපැමක් එල්ල කරන්න කොහොමටවත් මගෙන් කැමැත්තෙක් නැහැ කියලා.. සංකෙත් මොකද කියන්නේ?"

"සමහරවිට යමන් රාගයේ සිතාර් පර්ෆොමන්ස් එකක්? ගායනයක් එක්ක? කොහොමද ඒ අදහස?"

ප්‍රසන්න සර් ඉස්කෝලෙක ප්‍රින්සිපල් කෙනෙක් වුනාට වඩා, බ්ලැක්මේලර් කෙනෙක් උනානම් හොඳයි කියලා සංකෙත්ට හිතුනා. සර් හොඳටම දන්නවා සංකෙත්ගේ අම්මා වැඩියක්ම ආසකලේ සංකෙත් යමන් රාගය ගායනාකරනවා හෝ වාදනය කරනවා දකින්න කියලා.

"මම හිතලා කියන්නම්?" සංකෙත් බොහොම හිමින් ඇහුවා.

ප්‍රසන්න සර් හිනාවුනේ සංකෙත් හා කියලා කැමැත්ත පලකලා වගෙයි. "ඒක හොඳයි සංකෙත්. එහෙනම් හිතලා මට කියන්නකො... මට බොහොම සතුටුයි ඔයාගෙන් කැමැතියි කියලා අහන්න ලැබුනොත් නම්..."

****************

ගෝමස් මහත්තයට නිවඩු වෙලාවක් අල්ලගන්න මෙච්චර පරක්කුවුනේ මොකද කියල ආදිත්‍ය අතර මගදිත් කල්පනා කලා. මලිති පස්සෙයි දැනගෙන තිබුනේ ගෝමස් මහත්තයා නිවාඩුවක් ගතකරන්න එංගලන්තේ ගිහිල්ල තියෙන විත්තිය.

මෙහෙම එකපාරටම බෝපිටිය සමාගමේ නීතිඤයව මුනගැහිලා නීතී කටයුතු ගැන හාරාඅවුස්සනවට වඩා විදිමත් විදිහට පරික්ශනයක් කරලා පියවරෙන් පියවර මාමව කොටු කරගන්න එක තමයි නුවනටහුරු වැඩේ කියලා ආදිත්‍යට නොතෙරුනාම නෙමෙයි. එහෙම කරන්න එයාට ඉවසිල්ලක් නොතිබීම තමයි එකම හේතුව... 

අසුර හැන්ඳෑවTempat cerita menjadi hidup. Temukan sekarang