විසිහත්වන කොටස

614 143 12
                                    

විසිහත්වෙනි කොටස

සංකේත්ව සම්පූර්ණයෙන්ම ගොනාට අන්දවන්න ආධිත්‍යට පුළුවන් වුණේ නැහැ.

"මීටින් එකක් තියෙනවා එන්න..." කියලා කිව්වට පස්සේ ආදිත්‍යත් එක්ක රෑ කෑම අරගෙන... එයාගේ එපාර්ට්මන්ට්එකේ නවතින්න කියලා ආදිත්‍ය යෝජනා කළේ එයාලගේ ආදරය සම්බන්ධයේ සම්බන්ධයේ ඊළඟ පියවර තියන්නයි කියලා සංකේත්ට වැටහුණා. මෙතෙක් කාලයක් ආදිත්‍ය සංකෙත්ගේ ගෙදර ආවට, සංකෙත් ආදිත්‍යගේ ගෙදර යන පළවෙනි වතාව.

රෑ කෑමට චයිනීස් කෑම අරගෙන එනවා කියලා ආදිත්‍යගෙන් තවත් කෙටි පණිවිඩයක් එනකොට සංකේත්ගේ සැකය ඉස්තිර වුණා. කෑම ගේන්නේ ආදිත්‍ය උනාට චයිනීස් කියන්නේ සංකේතගේ ආසම කෑම ජාතිය.

එකපාරටම ගෙදර නවතින්න එන්න කියලා කතාකරලා ආදිත්‍ය මේ කරන්න හදන්නේ ළඟ එන සංගීත ප්‍රදර්ශනය නිසා කලබලවෙලා තියෙන සංකේත්ගේ හිත අස්වසන්න කියලා එයාට දැන් හොදටම විශ්වාසයි.

සංකේත් කාමරයපුරා බලල රෑට අදින්න සුදුසු සැහැල්ලු ටී ෂර්ට්එකක්... කලිසමක්... සෙරෙප්පු ජෝඩුවක් වගේ දේවල් එයාගේ බෑගඑකට දාගත්තා. රෑට නවතිනවානං දත් බුරුසුවකුත් උවමනාවෙයි නේද කියලා එයාට හිතුනෙ අන්තිම මොහොතේදීයි. අත් දිග කමිස... ටයිපටි අවශ්‍ය නැහැ කියලා තීරණය කරපු සංකේත් මීටින් එකට පෙනීසිටින්න ඒවෙනුවට ලාපාට කොලර් තියෙන ටීෂර්ට් එකක් අරගත්තා.

ෆ්ලැට් එකෙන් එලියට යන්න ඉස්තෝප්පු කෑල්ලට අඩිය තියෙනකොට බෑග්එකේ බරට සංකේත්ගේ උරහිසත් පහලට නැවිලා. වැඩඇරිලා එන තීක්ෂණව සංකේතට මුණගැහුණේ එතැනදීයි.

"කොයි හරි යනවද.... නැත්නම් ගිහිල්ලා එනවද?" තීක්ෂණ ප්‍රශ්න කළේ පොඩි විහිළුසහගත ස්වරයකින්.

"යන්න කියලා හැදුවේ..." දොර අගුලුදාලා යතුර අරගෙන සාක්කුවෙ දාගත්ත සංකේත් පුදුමවෙලා වගේ බලාගෙන ඉන්න තීක්ෂණදිහාවට හැරිලා ඔලුව යන්තම් උස්සලා 'මොකද?' කියලා ඉඟිකළා. "ඇයි පුදුමවෙලා?"

"තමුසෙට මුකුත් අසනීපයක් එහෙම නෑ නේද?"

"අසනීපයක්? ඇයි එහෙම ඇහුවේ? මම හොඳින්..." තීක්ෂණගේ ඔලුවෙ ඉඳන් පහල වෙනකන් බැල්මක් හෙලපු සංකේත් එයාට නෙමෙයි- තීක්ෂණට අසනීපයක්වත් හැදීගෙන එනවද කියලා හිතලයි ඇහුවේ.

අසුර හැන්ඳෑවWhere stories live. Discover now