තිස්වන කොටස

619 140 9
                                    

තිස්වන කොටස

වේදිකාව ආලෝකමත් වෙන්න කලින් මුළු ප්‍රේක්ෂකාගාරයම හරියටම තත්පර දහයක් අන්දකාරයේ ගිලිලා තිබුනා. ආදිත්‍ය එයාගේ පුටුවේ ඉඳගෙන හිතින් ඒ තත්පර දහය ගණන් කරලාම දැනගත්තා.

ඊළඟට ප්‍රේක්ෂකාගාරයේ හිටිය අමුත්තන්ට දැකගන්න පුළුවන්වුණේ ගායනයේ වගේම වාදනයේ යෙදෙන වේදිකාව මත්තේ සූදානම් කරලා තිබුණු සංගීත භාණ්ඩ පේළිපේළි සූදානම් කරලා තියෙන හැටිත්... ඒව පිටිපස්සෙ බොහොම උනන්දුවෙන් සූදානමින් සිටින ඉස්කෝලෙ ළමයි පිරිසකුත්. දරුවන්ව දැකපු ප්‍රේක්ෂකාගාරයෙ ඉඳපු හැමදෙනාගෙන්ම අත්පොළසන් නාදයක් නැගෙන බව වටපිට බලපු ආදිත්‍ය දැක්කා.

ඇතුල්වීමේදී දුන්න වැඩසටහන් පත්‍රිකාව අනුව එකටම වාදනය සහ ගායනය යෙදෙන්නෙ පහල ශ්‍රීණිවල ලමයින්ගේ දේශාභිමානී ගී පේළියක්. සින්දු ඇහෙන්නැති ආදිත්‍ය එයාගේ ජංගම දුරකථනය අතට අරගෙන අමතකවෙලා තිබුණු ඒ සංගීත කාණ්ඩවල වචන එකින්එක බලනකොට ෆෝන්එකේ ආලෝකය දැක්ක කිහිපදෙනෙක්ම ආදිත්‍ය දිහා අමනාපයෙන් වගේ හැරිලා බලනවා එයා ඇස් කොනකින් එයා දැක්කා.

ආදිත්‍යට ගානක් නැහැ. වැඩ සටහනේ දිගින් දිගටම තිබුණේ ඒවගේ විවිධ පැතිකඩ ඔස්සේ ඉදිරිපත් කෙරුණු ගීත සහ වාදනයන්. විශේෂ අංගයක් හැටියට ඉස්කෝලේ ගුරුවර ගුරුවරියන් විසින් ඉදිරිපත් කරන ගායනා කීපයක් වගේම අතරමැදිව ඉදිරිපත් කෙරුණු නර්තන අංග දෙක තුනකුත් තියෙනබව වැඩසටහන් පෙල සටහන්පත කියවන්න ගත්ත ආධිත්‍යයට පෙනුනා.

දවසේ විශේෂය යමක් හැටියට වැඩසටහනේ බැලූබැල්මටම පෙනෙන්න තිබුණු එකම අංගයවුනේ විස්තර පත්‍රිකාවේ අවසානයට සඳහන් වෙලා තිබුණු සංකේත්ගේ ඉදිරිපත් කිරීමයි. දෙමව්පියන් හැරෙන්න හැමෝම බලාගෙන හිටියේ ඒ අංගය එනකල් කියලා ආදිත්‍යට පැහැදිලියි. අවුරුද්දකට පස්සේ ප්‍රසිද්ද වේදිකාවක සංකේත් ඉදිරිපත් කරන්න යන සිතාර් වාදනය එයාගේම නිර්මාණයක් කියලා විස්තර පත්‍රිකාවේ සඳහන් වෙලා තියෙනවා අඩ අදුරේ ආදිත්‍ය කියවා ගත්තා.

තීක්ෂණගේ කලබලකාරීගතිය තවමත් එහෙමමයි. සැරින් සැරේ ෆෝන්එක කලිසම් සාක්කුවෙන් එලියට අරගෙන බලන තීක්ෂණ ආයෙමත් සැරයක් මැසේජ් එකක් යවලා... උත්තරයක් එනකල් වගේ ටික වෙලාවක් බලාගෙන හිටියා ආදිත්‍ය බලාගෙන. මලිති තීක්ෂණගේ අතට හෙමින් පහරක් ගහලා... ෆෝන්එක පැත්තකට ආපහු දාගන්න කියන හැටිත් ආදිත්‍ය ප්‍රේක්ශකාගාරයේ තිබුණු අඬාන්දකාරයේ බලාගෙන හිටියා.

අසුර හැන්ඳෑවWhere stories live. Discover now