විසිවන කොටස

647 146 25
                                    

විසිවෙනි කොටස

"නැ... මං කියන්න ගියේ- තාම කිස්එකක්වත් දුන්නේ නැහැනේ..." සංකෙත්ට ලැජ්ජයි. පණ්ඩිතයා වගේ කියවන්න ගත්තට ආදිත්‍යගේ බැල්ම නිකං සංකෙත්ව එතනම පෙරලගෙන කිස් කරන්නවගේ.

"ඒක නම් ඉක්මනට විසඳගන්න පුළුවන් ප්‍රශ්නයක..." ආදිත්‍ය අල්ලගෙන හිටිය සංකෙතගේ අතින් මිරිකාගත්තා.

සංකේත්ට උත්තරක් දීගන්න කලින් අල්ලගෙන හිටිය ආදිත්‍යගේ අත අතෑරලා පිටිපස්සට වෙන්න වුනේ දෙන්නගෙ මැද්දට තරමක මහත ගැහැනු කෙනෙක් කඩාපැන්න නිසයි. මහතවුනාට ලස්සන දැකුම්කළු පෙනුමක් තිබුන එයාගේ විශාල පපුව ආදිත්‍යගේ අතේ තෙරපීගෙන තියෙනවා සංකේත් දැක්කා.

"හායි... ඔයා ආදිත්‍ය බෝපිටියලු නේද?"

"ඔව්.. ඒ මම තමයි..."

"අර බෝපිටිය ජ්වෙලරි කම්පැනි එකේ?"

"ඔව් ඒකේ..."

"ඕ වාව්... මම නිලූකා මල්ගොඩ..." නිලූකා එයාගේ ඇස්පිල්ලම් බෝනික්කෙක් වගේ සොලවලා ඉස්සරහට දික්වෙච්ච ලොකු පපුව ආදිත්‍යගේ ඇඟේ ඇතිල්ලෙන්න් තවත් කිට්ටුවුනා. සංකෙත්ට හිතුනේ පපුවේ බලයෙන් ආදිත්‍යව ඔහොම්මම රෙජිස්ට්‍රාර් කෙනෙක් ගාවට තල්ලු කරගෙන ගිහිල්ලා ඉන්ගේජ්මන්ට් එකත් ගනීවී කියලයි. "අපෙ තාත්තා තමයි ඊඑම්ටී එන්ටප්‍රයිසස් චෙයාමන්... අනේ අහලා නැද්ද අනේ.... අර ඊටීඑම් රේඩියො.. ඊටීඑම් හොම්ස්... ඊටීඑම් කැපිටල්... අහල තියෙනවානේ? මං ඔයා එක්ක කතාකරන්න කියලමයි ආවේ..."

"තෑන්ක්ස් මිස් නිලූකා... මොනවද ඇත්තට කතා කරන්න තියෙනවා කිව්වේ...?"

"ආදිත්‍යට රොමෑන්ටික් පාර්ට්නර් කෙනෙක් නෑලුනේද...?"

"මට? ඉන්නවා..."

"අපොයි හොද පාට්නර්.. කෝ පේන්නවත් නෑනේ..." පොඩ්ඩක් පසුබෑවට පරාජය බාරගන්න අකමැතිවුන නිලූකා වෙදිකා නාට්ටියක රඟපානවා වගේ වටපිට බැලුවේ ආදිත්‍යගේ පාර්ට්නර්ව හොයන්න වගෙයි. "මං එහෙම ආදිත්‍යගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වුනාමම් ලඟින් හෙලවෙන්නේ නෑ..."

"මිස් නිලූකා කලින් මැද්දට පැන්නෙ මායි මගේ රොමෑන්ටික් පාර්ට්නරුයි මැද්දට තමයි..." ආදිත්‍ය ආචාරශිලිකම පැත්තකට තියලා අත බදාගෙන හිටිය නිලුකව යන්තම් තල්ලු කරලා සංකෙත්ව ලඟට ඇදලා ගත්තා. "සංකෙත් මේ ඉන්නේ මිස්... මොකක්ද මිස්ගේ නම කිව්වේ?"

අසුර හැන්ඳෑවWhere stories live. Discover now