තුනවන කොටස

1K 192 15
                                    


කොච්චර සීතල හදවතක් තමාට උරුම වෙලා තිබුනත්, මලිතිගේ යෝජනාවට අවසානයේ කැමති වුනේ මතුපිටට යටින් තමන්ගේ හිත පතුලේ තවමත් සැඟවුණු සෙනෙහෙබර ගතියක් ඇති නිසා වෙන්න ඕනිය කියලා සංකෙත්ට අන්තිමේදී හිතුනා.

මලිතියි තීක්ෂණයි දකින මොහොතේදීම ආදරයෙන් බැඳිලා... ඒ වගේම ආදරණීය ජීවිතයක් ගතකළොත් ඒ දෙන්නාගේ ආදර කතාවේ මුල්ම අවස්ථාවට සාක්ෂි දරන්නයි සංකෙත්ට වැඩිපුරම උවමනා උනේ. මලිතිගෙයි තීක්ෂණගේයි ආදර කතාව බොහෝම දුරකට ගමන්කරාවි කියලා සංකෙත්ට හිතුනේ ඒ දෙන්නා හමුවීම දකිනකොටයි.

තීක්ෂණව දකින මලිතිගේ මූණ හිනාවකින් පිරිලා ඉතිරිලා යනකොට තීක්ෂණ ලැජ්ජාවෙන් වගේ රතුඋනේ කලින් කාමරේදි තිබුණු එඩිතරගතිය බාගයක් විතර අඩුවෙලා යද්දියි. විනාඩි දහයක් විතර දෙන්නා ඇඹරිඇඹරි... මුකුලු පපා... හිනාවෙන හැටි බලන් ඉදපු සංකේත්ට උන් දෙන්නව එතනම කසාද බන්දලා දැම්මනම් ඉවරයි කියලා අන්තිමේදී හිතුනා.

සංකෙත්ටයි තීක්ෂණටයි දෙන්නටම ප්‍රදර්ශනේ ඕනිම තැනකට ඇතුල්වෙන්න පුළුවන් විදිහේ අවසර පත් දෙකකුත් එනකොටම ලැබුනේ මලිතිගේ මෙහෙයවීමෙන්. මලිතිගෙයි තීක්ෂණගෙයි ප්‍රේම රංගනය ඉවර වෙනකල් කරන්න දෙයක් නොතිබුණු සංකේත් එදා හවස හැන්දෑවෙ වැඩසටහන මුල ඉදන් අගට බැලුවා... ආයෙමත් අග ඉඳන් මුලට බැලුවා... වේදිකාව පිටිපස්සෙ තිබුණු පුංචි ඉඩේ රවුමට කැරකිකැරකි තැන්තැන්වල ඉඳපු මිනිස්සු එක්ක යන්තමින් හිනාවෙන අතරේ එදා හවසට ඒ අයගෙ වැඩ කටයුතු අවසන් කරලා ප්‍රදර්ශනය බලන්න ප්‍රේක්ෂකාගාරයට යන්න බඩුමුට්ටු අකුලන හැටි බලාගෙන හිටියා.

වැඩසටහන කියවනකොට අවථාව වැදගත් වෙන්නේ ඇයි කියලා සංකෙත් තේරුම්ගන්න අමාරුවුනේ නැහැ.

ඒ අදිත්‍ය බෝපිටිය- සංකෙත් කතාව ඉදිරිපත්කරන කෙනා සමාගමේ ප්‍රධාන විධායක නිලදාරියා විදිහට එලිබහින පලවෙනි අවස්තාව. අඩුම තරමින් මේ වැඩේ කම්මැලිකමක් නැතුව කරන්න පුළුවන් වේවි කියලා සංකෙත්ට හිතුනේ ඒ විස්තර දැනගත්තට පස්සෙයි.

සංකෙත් මගදිගට එන අතර තුරේදිත් ආදිත්‍ය ගැන වැඩිපුර තොරතුරක් දැනගන්න උත්සහ කලත් තීක්ෂණගේ කටින් පිටවුනේ මලිතිගේ විස්තර විතරමයි. හදිස්සියෙම කතාවක් ඉදිරිපත් කරන්න උදව්වට යන ආදිත්‍ය කොහොමද කෙනෙක්ද? සම්පූර්ණයෙන්ම කන් ඇහෙන්නෙ නැතිකෙනෙක්ද... නැත්නම් යන්තමින් හරි ඇහෙන කෙනෙක්ද? එයාගේ පර්සනැලිටි එක මොනවගේද? වැඩි සද්දබද්ද නැති කෙනෙක්ද... එහෙමත් නැත්නම් හැමෝගෙම අවදානය ලැබෙන විදිහෙ හැසිරීම් ඇති කෙනෙක්ද?

අසුර හැන්ඳෑවNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ