විසිඑක්වන කොටස

618 140 23
                                    

විසිඑක්වෙනි කොටස

ආදිත්‍යට රායා එක්කත් මල පැනලා. සංකෙත් පිටිපස්සේන් යන්න නොදී අත හිරකරගෙන ඉන්න රායාගේ ඇඟිලි බලෙන්ම වගේ ගහාදැම්ම ආදිත්‍ය ඒවෙනකොටත් තරමක් ඇතට ඇවිදගෙන ගිහිල්ල හිටිය සංකෙත්ගේ මූණ විකාශ්ගේ ඔලුවට වැහිලා. ආදිත්‍යගේ හිතේ ඊර්සියාවත් එක්ක මුසුවුනු කේන්තියකුත් මොකද්ද සිද්දවෙන්නේ කියලා නොදැනුවත්කම නිසා අතරමංවුනු ගතියකුත් මතුවෙන්න පටන්ගත්තා.

මොකද්ද උවමනාව?

සංකෙත්ගේ අහනවා ආදිත්‍ය දැක්කා. විකාශ් හිටියේ ආදිත්‍යට පිටුපාලා. විකාශ් මොනවා කිව්වද මන්දා... හැබැයි දුන්නු උත්තරෙන් සංකෙත්ගේ මුහුණ සන්සුන් වෙලා ගිහින් කෙන්තිය ටිකක් අඩුවෙන හැටි ආදිත්‍ය බලාගෙන.

මෙතන බැහැ... අතන කොරිඩෝවට ගිහිං කතකරන එකක්.

විකාශ් සංකෙත්ව පෙරටු කරගෙන පැත්තක තිබුනු කොරිඩෝවට යන දොරෙන් අතුරුදහන් වෙනවා ආදිත්‍ය බලාගෙන හිටියේ ඊලඟට මොකක් කරන්නද කියලා මොහොතකට හිතාගන්න බැරිවයි.

මොකද වෙන්නේ කියලා පිටිපස්සෙන් ගිහිල්ලා බලන්න හිතට ආව අදහස ආදිත්‍ය යටපත් කරගත්තා. එයාට සංකෙත්ව විශ්වාසයි... අනික් මිනිහව නම් තඹේකට විශ්වාස නැහැ. 'දෙන්නා ගියේ කොරිඩෝවට මිසක් වෙන තැනකට නෙමෙයිනේ...' ආදිත්‍ය හිත අස්වසාගන්න තමාටම කියාගත්තා. 'විකාශ් සංකෙත්ගේ හිටපු බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?' ආදිත්‍යට දනුනේ නොසන්සුන්කමක්.

සංකෙත්ව දිනාගත්ත මොහොතෙම තවත් කෙනෙක්ට පරාජය වෙන්න ආදිත්‍යගේ කොහෙත්ම සූදානමක් නැහැ. ඒත් සංකෙත්ට මොකක් හරි කරදරයක් වෙයිද කියලයි ඒ මොහොතෙදි ආදිත්‍ය වදවුනේ.

"-මොනවද කළේ තමුසේ?-" ආදිත්‍ය රායා දිහට හැරිලා කේන්තියෙන් ඇහුවා.

"-මං මොනවද කළේ?-" තමන් වැරැද්දක් කලාය කියන හිතලුව දැනෙන්න පටන්ගෙන තිබුන නිසාද මන්දා රායාගේ ඇස්වල තිබුනේ තරමක පසුතැවිලිගතියක්... එයාගේ ඇඟිලිත් යන්තමින් වෙව්ලනවා. "-සංකෙත් ප්‍රසිද්ද මියුශිශන් කෙනෙක් කියලා ඔයානේ හංඟගෙන හිටියේ?-"

අසුර හැන්ඳෑවDär berättelser lever. Upptäck nu