දාසයවන කොටස

699 149 21
                                    

දාසයවන කොටස

කාසා සිලෝන් හෝටලයේ නිවිනිවි දැල්වෙන විදුලි බුබුලු සහිත ආරුක්කුව යටින් ඉදිරියට ගමන් කරපු කාර් රථය හිස් රියගාලේ ඈත කෙළවරක නතර කෙරුණා. කාලෙකට කලින් යාළුවොත් එක්ක නිදහසේ කාලය ගතකරන්න කියලා තැනක් හොයපු හොයපු ආදිත්‍යට මේ හෝටලය හම්බුනේ අහම්බෙන් වගේ. හෝටලය කළමනාකාරිත්වය එයාට අවශ්‍ය ඕනෑම වෙලාවක පහසුකම් සපයන්න සූදානමින් සිටීම ගැන ආධිත්‍යය ගොඩක් ස්තූතිවන්ත වුණා.

හෝටලයට ඇතුල්වෙන ප්‍රධාන දොර ඉස්සරහදි පැත්තකට වෙලා නතරවුණු ආදිත්‍ය සංකේත්ට ඇතුළට යන්නදීලා දොර ඇරියා. යන්තම් ඇහිබැම උස්සලා පුදුමය පලකරපු සංකෙත් වචනයක්වත් කියන්න ගියේ නම් නැහැ. ඊලඟට සංකෙත්ගේ මූණට ආයෙමත් පුදුමයක් මතුවුනේ තවටිකක් ඇතුලට ඇවිදගෙන යනකොට සංකෙත්ගේ කොන්දයි පස්සයි යාවෙන හරියෙන් ආදිත්‍ය එයාගේ අතක්‍ වටකරලා අල්ලාගනිද්දියි.

භොජන ශාලවට ඇතුල්වෙන අනිත් දොර අසල හිටගෙන හිටියේ කලුපාට ලස්සන සැඳෑ ගවොමකින් සැරසුනු ලස්සන ගැහැනු කෙනෙක්. ආදිත්‍ය එතනට ලංවුන.

"ආදිත්‍ය බෝපිටිය... අපිට රිසර්වෙශන් එකක් තියෙනවා..."

පිලිගැනීමේ නිලදාරිනිය ලස්සන හිනවක් පෑවා. "එන්න මිස්ට බෝපිටිය... අපි මේසයක් සූදානම් කලා..."

පිලිගැනීමේ නිලධාරිනිය දෙන්නව එක්කගෙන ගියේ තරමක්  ඇතට වෙන්න තිබුනු මේසයක් ලඟට. 

රෙස්ටුරන්ට් එක ඇතුලේ නම් මිනිස්සු නැති තරමයි. ඈත කෙලවරකට වෙන්න තරමක් වයසක ජෝඩුවක් ඉඳගෙන හිටියා... එච්චරයි. හැබැයි රෙස්ටුරන්ට් එක එලියේ දෙහිවල මුහුදු වෙරලේ හදපු ලොකු ගිනිමැලාක් වටේට නම් තරුණ මැදිවියේ බොහෝ දෙනෙක් එකතුවෙලා බිච් පාටියක් දානහැටි ආදිත්‍ය දැක්කා.

සංකෙත් එකපාරම ඉඳගත්තේ නැහැ. එයා ආදිත්‍යට කැමැති පුටුවක ඉඳගන්න දීලා පිටිපස්සට වුනා. සංකෙත් එහෙම බලද්දි කන් නැසෙන කෙනෙක් එක්ක ගනුදෙනු කරන්න කොච්චර නම් දැනුවත්ද? ආදිත්‍ය ඉඳගත්තේ බිත්තියට පිටුපාලා රෙස්ටුරන්ට් එකේ හැමදෙයක්ම පේන විදිහට. හදිස්සියෙන්වත් එයා භෝජන ශාලාවට පිටුපාලා ඉඳගත්තා නම් පිටිපස්සෙන් කවුරුහරි ඇවිත් කතාකලත් දැන්ගන්න වෙන්නේ පරක්කු වෙලා... මෙහෙම හැම දෙයක්ම පේනකොට ඕනෙම දේකට සූදානම් වෙන්න ආදිත්‍ය්ට පුලුවන්.

අසුර හැන්ඳෑවWhere stories live. Discover now