විසිනවය කොටස

647 139 8
                                    

විසිනවය කොටස

ආදිත්‍යට යන්තම් ඇත්වුනු සංකෙත් ඔලුව උස්සලා ආයෙමත් උනන්දුවෙන් ඇහුන්කම් දුන්නා. පහලින් සද්දයක් ඇහුනබව සංකෙත්ට හොඳටම විශ්වාසයි. නැත්නම් ඒක නිකන්ම නිකන් හිතලුවක්ද?

සංකෙත්ගේ අවදීමට ආදිත්‍යත් අවදිවෙලා බැලුවා. සංකෙත් කොන්ද කෙලින් කරගෙන ඉන්න හැටි අඬ අඳුරේ ආදිත්‍යට පේන්න ඇති. "ඇයි මොකද?" කියලා ආදිත්‍ය ඇහුවෙත් පහල තට්ටුවෙන් කෙනෙක්ගේ අඩි ශබ්දයක් එකවර ඇහෙනකොටම සංකෙත් ආදිත්‍යගේ කට උඩින් එයාගෙ අතක් තිබ්බේ ආදිත්‍යට තවදුරටත් කතාකරන්න එපායි කියලා අඟවන්න විතරක් නෙමෙයි... පහල හඬ පැහැදිලිව අහගන්නත් අරමුණින්.

ආදිත්‍ය නලල රැලිකරගෙන සංකෙත්දිහා බලාගෙන හිටියා.

ආදිත්‍යගේ කාමරේ ඇතුලේ තිබුනේ එලියේ වටපිටාවෙන් ගලාගෙන ආලෝකයක් විතරයි. එ ඇරෙන්න එකිනෙකාට නොපෙනන කලුවරක් එක්ක කියන්නේ මොනවද කියලවත් නොතේරෙන තරම්.

"-මං හිතුව පහලින් සද්දයක් ඇහුණා-" සංකෙත් සංඥා කිරීම එහෙම්මම නතර කරගෙන මේස ලාම්පුව දල්වන්න හදපු ආදිත්‍යව අතකින් අල්ලලා නතරකරගත්තා.

ඒක හිතලුවක් නෙමෙයි. ඇත්තටම කවුරුහරි පහල ඇවිදිනවා.

"-ආදිත්‍ය! කවුරුහරි පහල ඉන්නවා....-"

ආදිත්‍යගේ මුහුණේ මතුවුනු දෙගෙඩියාව සංකෙත් හොඳින්ම දැක්කා. ලයිට්එක දාන්න එපා කිව්වේ ඇයි කියලා ආදිත්‍ය තේරුම්ගන්න ඇති. ආදිත්‍ය දරදඬුවෙලා සංකෙත් දිහා බලාගෙන ඉන්න කොට පහලින් කෙනෙක් ඇවිදින අඩි සද්දෙකුත්... පුටුවක් එහෙමෙහෙ කරන සද්දෙකට පස්සේ බරයමක් බිමට වැටෙන සද්දෙත් සංකෙත්ට නිශ්ශබ්දතාවය බිඳගෙන කාමරේට ඇහුනා.

සංකෙත්ගේ ඇඟ ඇතුලේ එතෙක්වෙලා හැඟිලා තිබුනු මායාබලා එකපාරම ආරක්ශක වැටක් වගේ ක්‍රියාත්මකවෙලා කාමරයපුරා දුවගෙන ගියේ එයා හිතන්නත් කලින්.

දෙන්නෙක් ඉන්නවා කියලා අඟවන්න සංකෙත් ඇඟිලි දෙකක් උඩට ඉස්සුවා. "- ඇහෙන හටියට එයාලා මොනවාහරි අදිනවා..-"

"- මම එලාම් එක ආයෙමත් රීසෙට්කලා! සීයට සීයක්ම ශුවර්!-" ආදිත්‍ය සංඥා කරල එයාගේ ෆෝන් එක ගන්න අතඑහෙමෙහෙ දුවද්දි කිසිම ශබ්දයක් කාමරයෙන් පිටට නොයන විදිහට ආවරනය කරගන්න සංකෙත්ගේ මායාබලය ක්‍රියාත්මක වෙනවා සංකෙත්ට දැනුනා.

අසුර හැන්ඳෑවWhere stories live. Discover now