හා.. හොඳ සුදූ.....

හා අම්මා. ජේසු පිහිටයි...අලාවියෝ..

අම්මා එක්ක කතා කරලා ඉවර වෙලා කේක් කෑල්ලකුත්කාලා ඉතුරු ටික ෆ්‍රිහ් එකට දැම්මා. මල්ගේ ප්‍රසන්ට් එක අරං ගිහින් ක්ලෝසෙට් එකේ හැංගිලා වගේ තියෙන ලාච්චුවකට දැම්මා.

................................

අද අම්මා එනවා. පාන්දර නැගිටින්න ඕන නොවුනත් ටිකක් වේලාසන නැගිට්ටේ ගෙදර අස් කරලා දාන්න.. අස් කරන්න කියලා නම් දෙයක් නෑ ඒත් ඉතිං අම්මනේ එන්නේ..කෝකටත් කියලා කෑම ටිකකුත් හදලා බීමත් හදලා ෆ්‍රිජ් එකට දැම්මා. ඊයේ මල් වෙනුවෙන් හදපු කේක් එකත් තියෙන නිසා තේ ටිකක් බොන්න උනත් ඒක තියෙනවනේ..

තව පැයකින් ශේන් එයි මාවත් එක්කගෙන ක්ලාස් යන්න. ඔක්කොම වැඩ ටික ඉක්ම්නට ඉවර කරලා මාත් කෑම කාලා යොශ් බබාටත් කෑම දීලා එයාවත් කූඩුවට දැම්මා..

ඩිං ඩොං..

හරි සුනඛ පැටියා ආවා..

.........................

අද ක්ලාස් එක වෙනදට වඩා කලින් ඇරුනා. ඉතිං අන්තිමට මට සිද්ද උනා ශේන් වස්සත් එක්ක ශොපිං යන්න. අම්මලට කෝල් කලෙත් නෑ ක්ලාස් ඉවරයි කියලා කොහොමත් ක්ලාස් එක ඉවර වෙන්න තව පැය දෙකකට වඩා තිබ්බා.. ශේන්ගේ ඩ්‍රයිව අංකල්ට නම් ශේන් කෝල් කලේ හරියටම ක්ලාස් ඉවර වෙන ටයිම් එකට මැරීනා මෝල් එකට එන්න කියලා..

වැඩකට ඇති දේකට කියලා මේකා ගත්තනම් අද ගත්තේ ඇඩිඩස් ශූස් දෙකක් විතරයි. අනිත් ඔක්කොම චූටි චූටි ඇක්සසරීස් වගේ දේවල්. මටත් බැක් කවර් එකකුයි ශූස් දෙකකුයි අරං දුන්නේ බලෙම්ම වගේ.

කොහොම හරි වෙනදා ක්ලාස් ඉවර වෙලා ගෙදර එන ටයිම් එකටම මම ගෙදර ආවා.එනකොටත් අම්මලා ගෙදර. අක්කා මිදුල අතු ගානවා. අම්මා කුස්සියට වෙලා උයනවා..

පුතා අර කේක් එක කොහෙන්ද ගත්තේ? හරි රසයි..

මම හැදුවේ..

බොරු කියන්න එපා චූටි..

මොකටද අයියෝ බොරු කියන්නේ.. මම හැදුවේ නිකං ඉන්න බැරුවට..

ඒක රසයි පුතේ..

තව එකක් හදමු අම්මලට අරං යන්න..

ඔව් ඔව් එකක් හදං අරං යන්න ඕන තමා. අක්කා රසයි රසයි කිය කිය ඔක්කොම කෑවා. ඔයා ආවහම අහන්න කිව්වේ ගත්ත කඩේ එයා තව එකක් ඔයාට අරං දෙන්න..

චුට්ටක් ඉන්න අවුස්සලා එන්නම් එයාව මම අම්මා.

අඩෝ.. අක්කේ.. උඹ මගේ කේක් එක සම්පූර්නයෙන්ම ක්ෑවා නේ.. බලහම්කෝ ඒවා කඩෙත් නෑනේ. යාලුවෙක් හදලා දුන්න එකක්නේ .

අනේ බං.. ඒක රසයි බං ඒකයි කෑවේ. කඩේ මොකද්ද කියන්නකෝ. ඔයාටත් එකක් අරං දීලා අම්මටයි මටයිත් එකක් අරං යන්නෝන..

මං හැදුවේ බං.. රෑ වෙලා තව එකක් හදමු අරං යන්න..

බොරු කියන්නෙපා..

අම්මාපල්ල.. මං හැදුවේ.. මං ඔය නික ඉන ගමන් හදනවා කේක් එහෙම..

තව ටිකකින් ලෑස්ට්ජි වෙන්න එහෙනම් ඔයාට කේක් හදන බඩු ටිකක් එහෙම අරං එන්න යන්න..

අහ්. හා යං...

The Bell.... (සීනු)Where stories live. Discover now