අකමැත්තක් නෑ ඉතිං 

පොඩ්ඩක් ඉන්න..මේ කෝල් එකක් අරං එන්නම් ඒයි.

ඉක්මනට එනවා. තව ටිකකින් ටීච එයි..

හරි ඒයි..

................

මේ. අපේ අම්මී  කිව්වා අපේ ඉන්ස්ටිටියුට් එකේ ඔයාට ග්‍රැෆික් ඩිසයිනින් කෝස් එක ෆ්‍රී කරන්න පුලුවන් කියලා..

ඒ මේ.. බූල් කෙලින්න එපා..

ඇයි.. ඔයා ඒවට ද්ක්ශයි සීනු... ඉතිං මේ අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න..

ඇයි මෙච්චර දේවල් මං වෙනුවෙන්..

උඹ මට හම්බුන හොඳම යාලුවා නිසා.උඹ මගේම නංගි නිසා..

ආදරෙයි සුනඛයෝ..

මාත් ඉතිං ආදරෙයිනේ මේ කික්කි පැටියට. හැබැයි ඉතිං අයාන්ට වඩා ටිකක් අඩුවෙන් හොඳේ..

................................

සීනු...

කියන්න බංඩෝ..

මේ උඹට ත්‍රිශා මිස් කතා කලා.. මිස් ලැංග්වේජ් රූම් එකේ ඉන්නේ.

අහ් හරි බං. මම ගිහිං බලන්නම්..

.......................

මිස් මට එන්න කිව්වේ..

අහ්, එන්න දරුවෝ... මේ අපේ ලැංග්වේජ් ඩේ එක එනවනේ ඉතිං මට තමා ඒකට ආරාධනා පත්‍ර හදන වැඩේ භාර දුන්නේ. ඔය දරුවට ලස්සනට ඒ වගේ කාඩ් එහෙම හදන්න පුලුවන් නිසා මම ඒ වැඩේ ඔයාට භාර දෙන්න බැලුවේ...

අනේ හා මිස්. මට ඩිසයින් එක දෙන්නකෝ. අනික කීයක් විතර ඕන වෙයිද?

ආරාදිත පාසල් 10ක් තියෙනවා දරුවෝ.. ඊට අමතරව වෙනත් ආරාධිතයෝ 7ක් ඉන්නවා.. තව ප්‍රධාන ආරාධිත අමුත්තා එක්ක ඔක්කොම 18ක්

හරි ටීච.. මේවා හෑන්ඩ්මේඩ් වෙන්නම ඕනද?

නෑ දරුවෝ..

අපි ඩිසයින් කරලා  ප්‍රින්ටඅවුට් ගත්තට කමක් නෑද?

කමක් නෑ දරුවෝ..

හරි ටීච. මම අද රෑට ටීචට ඩිසයින් කරලා එවන්නම් දෙකක්විතර..ටීච මට කියන්නකෝ මොකද්ද හොඳ කියලා..

හා පුතේ. ලොකු උදව්වක් මේක..

ඕක මොකද්ද ටීච...
..............................

බීප්..බීප්...බීප්...

හෙලෝ, බෙල් ස්පීකිං..

සීනු මැණික...

මල් ඔයා.. නම්බ එක් වෙනස් ඇයි..

පොඩි ප්‍රශ්නයක් සීනු...

ඇයි මල්..?

මේකයි බබා. අපි ගැන අම්මා දැනගත්තා.. එයා ෆෝන් එක ගත්තා..

අනේ මල්.

බය වෙන්න එපා. ඔයාට මාව විශ්වාසයු නේද මැණික. මම අම්මව සෙට්ල් කරගන්නකම් ඉවසන්න..

හරි මල්...ඔයාලගේ අම්මා අපේ අම්මටත් කෝල් කලාද දන්නෑ මල්..

හරියටම දන්නෙ නෑ.. මේ මගේ යාලුවෙක්ගේ නම්බ එකක්.. මේක කෝකටත් සේව් කරලා තියා ගන්න හරිද.. ආදරෙයි මගේ සීනුවට...

ආදරෙයි මල්..

The Bell.... (සීනු)Where stories live. Discover now