දහතුන්වෙනි කොටස

Beginne am Anfang
                                    

ආදිත්‍ය ඔලුව දෙපැත්තට වැනුවා. සෙනග දිහා යන්තම්වත් නොබලා කොලේ දිහාම බලාගෙන තිලකවර්ධන මහත්තයා මේ කතාව කරනහැටි ආදිත්‍යගේ හිතට මැවිලා පේනවා. කියවනකොට මෙහෙම කම්මැලියි නම්... අහගෙන ඉන්න මනුස්සයන්ට කොහොම කම්මැලි හිතේවිද කියලා එයා කල්පනා කළා.

'... බෝපිටිය සමාගම පහුගිය කාර්තුවේ දී බොහොම දරුණු පසුබෑමකට ලක්වුණා කියලා ඔබ හැමදෙනාම දන්නවා ඇති... අපගේ ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරිතුමා සහ මගෙ නංගිවන රංගනා බෝපිටිය රිය අනතුරකින් අපි අතරින් සමුගත්තට ඒ දෙන්නගෙම ආදරණීය මතකයන් අපි සමග හැමදාම රැඳිලා තිබේවි කියලා මම කියන්න කැමතියි. බෝපිටිය යුවළගේ හදිසි අභාවය වෙනුවෙන් ශෝක පණිවිඩ... වගේම සැනසිලිදායක වදන් අප ආයතනය වෙත යොමුකළ හැම දෙනාටම.. මම මගේ ගෞරව පූර්වක ස්තුතිය මේ අවස්ථාවේදී ප්‍රදානය කරනවා. ව්‍යාපාරික ක්ෂේත්‍රයතුළ බෝපිටිය සමාගමේ ස්ථිර පැවැත්මට ඔබ සියලු දෙනාගේම උපකාරයන් නැතිවම බැරි දෙයක්බව නැවතත් මතක් කරන්න කැමතියි...'

ආදිත්‍ය කතාවේ ඊලග කොටස් දෙක පන්නල ගියා. ඒ පරිච්ඡේද දෙකම පුරවලා තිබුණේ එයාගේ තාත්තයි අම්මයි මාමයි ගැන මතක සටහන්වලින්. ඒවා කොච්චරක් ඇත්තද කියලා ආදිත්‍යට දැනුනේ ලොකු ප්‍රශ්නයක්... මාමා ලියල තියෙනවා වගේ තාත්තයි තිලකවර්ධන මහත්තයයි පිටරට සංචාරය කරපු අවස්ථාවල් ගැන.... තේවතු නිරීක්ෂණ චාරිකාවල යෙදුණු දවස් ගැන... තායිලන්තයේ මැණික් වෙළඳපල කරපු සංචාරයක් ගැන මෙලොව මතකයක් ආදිත්‍ය ට නම් නැහැ. 

අනික මාමා එලියට පහලියට බහිනවා කියලා කිව්වහමත්-? තිලකවර්ධන මහත්තයා ඔෆිස් එකෙන් එලියට ආවොත්, ඒක බොහොම කලාතුරකින් කියලා බෝපිටිය සමාගම් මූලස්ථානය වැඩකරන නොදන්න කෙනෙක් නැතුව ඇති.

'... පහුගිය අවුරුදු පහක කාලයතුළදී බෝපිටිය සමාගම වෙනුවෙන් මම කරපු වැඩ කටයුතු බොහොමයක් සිද්ධවුණේ තිරය පිටුපස ඉඳලා... සමහරවිට මගේ නම මෙතන ඉන්න බොහෝ දෙනෙක් අහලා නැති වෙන්නත් හේතුව ඒකයි. කතාවක් අහල ඇති සිංහාසනය පිටිපස්සේ ඉන්න පුරෝහිතතුමා රජතුමාටත් වඩා දක්ෂයෙක් කියලා... බෝපිටිය සමාගම ගත්තහම, ප්‍රසන්න බෝපිටියගේ සිංහාසනය පිටිපස්සේ හිටියේ මමයි කියලා නිහතමානීව මම ප්‍රකාශය කරනවා... සමාගමේ ගිවිසුම්... මූල්‍ය ගනුදෙනු... විදේශ සම්බන්ධතා වගේ බොහෝම වැදගත් අංශ විශාල ප්‍රමාණයක කටයුතු සිද්ද කෙරුනේ මගේ අනුදැනුම... ආශිර්වාදය... සහ මගපෙන්වීම යටතේ කියලා කියන්න මම සතුටුයි. පහුගිය කාලයේදී සමාගම මේ තරම් දියුණු තත්වයකට පත්වෙන්නත් මගේ දායකත්වය ඉතා ඉහළින්ම සැපයුනා කියලා සමාගමේ ඉහළ කළමනාකාර මණ්ඩලය මණ්ඩලය සාක්ෂි දරාවි....'

අසුර හැන්ඳෑවWo Geschichten leben. Entdecke jetzt