හ්ම්ම් හ්ම්ම්.. ඩිලා කෙම්ල උදව්වක් ඉල්ලුවා සකූ කෙම්ලව දාගන්න උදව් කරන්න කියලා..

මොකෙටද දැං දාලා දෙන්න ඕන.. ශොපිං එකකටද ටියුලිප් එකකටද?!

නෑ සාක්කුවට...

හරි හරි ප්ලෑන කියන්නකෝ..

මෙහෙමයි... අපි මුලින්ම සකූ අක්කට ලව් ලෙටර් එකක් දෙමු.. ඊට පස්සේ දෙන්නට තනියම කතා කරන්න චාන්ස් එකක් හදල දෙමු.. පොඩි ඩේට් නයිට් එකක් වගේ..

හා.. එහෙම කරමු.....මේ.. ඒයි.. ලඟට එනෝකෝ.. මට ලාදුරු නෑ....

කවුරුහරි දකී මැණිකේ..

මේකේ කවුරු එන්නද අනේ.. අනික අපි ගැන ටීම් එකේ නොදන්නේ කවුද?

මෙහේ එනෝ මගේ කෝලම..

මල්...

හ්ම්ම්..

මල්.. මම ජපන් කරන්න වෙන් ස්කූල් එකකට යනවනේ..  එතකොට අපිට මොකෝ වෙන්නේ මල්..

බලමු.. වෙන දෙයක් වෙයි.. හැබැයි මම ඔයාව දාලා යන්නේ නෑ.. දුරින් හිටියත් මම ඔයාගේ...

මලෝ... කිස් එකක්..

බෑ ... ඒවා දෙන්නෙ ඕන කාලෙදි දෙන්නම්..

අනේ තියාගනිම් තොගේ කිස් එක.. මම ගිහින් මගේ ටෙඩියව කිස් කරනවා...

ඒක නෙමේ චූටි.දැං හොස්ටල් එකෙන් අයින් වෙලා කොහේ  ඉඳංද ස්කූල් එන්නේ...

ගෙදර ඉදං එනවා ඒයි.. අපේ ගෙවල් දුර නෙමේනේ.. අම්මලා බිසී නිසානේ ඒ කාලෙ මාව හොස්ටල් දැම්මේ. පස්සේ මමනේ ගෙදර යන්න බෑ මම හොස්ටල්  එකේම ඉන්නම් කියලා කිව්වෙ ...

හ්ම්ම්.. යං පහලට.. තව ටිකකින් ප්‍රැක්ටිස් පටන් ගන්නවා අදින් විභාග් ඉවර නිසා අපිටත් අද ප්‍රැක්ටිස් තියෙනවනෙ  රෑ වෙනකම්ම...

යං.. මේ අනේ එකක්.. කම්මුලට හරි....

මෙහෙ වරෙං මගේ අලු හුරතලේ...

හී හී.. අලාවියෝ ඒයි...

පල නාකි හුරතලේ...

.......................

ප්‍රශ්නයක් නේ.. ඔව් ඔව්.. මමයි මල්සී යාලුයි තමා.. මෙහෙමයි ඉතිං මේක අවුරුදු තුනක විතර පස්සට යන කතාවක්... දැනට අවුරුදු තුනකට විතර කලින් හැමදාම මට ඉන්ටවල් එකට නිර්නාමික පුද්ගලයෙක්ගෙන් කෑම පාර්සල් එකක් ලැබුනා.. මුලින් මුලින් ඒක සැකේට කෑවේ නැති උනත් පස්සේ මමත්  ඔන්න ඔහේ බඩටනේ කියලා කෑවා.. කෑම එක පට්ටම රසයි.. පලවෙනි දවසෙ මුකුත් උනේ නැති නිසා ආයේ ඉතුං විසික් නොකර හැමදාම කෑවා... දෙවනි අවුරුද්දේ කෑම එක වගේම සමහර දවස් වලට චොකලට්,ටිපිටිප්,වගේ පොඩි පොඩි කඩචෝරුත් ඒ නිර්නාමිකයා දුන්නා... ඉතිං මට ඕන උනා කවුද මෙව් නිර්නාමික  පරාර්ථකාමී ගැහැනු දරුව දැකගන්න..

වැඩේ ලේසි උනේ නෑ.. කොහොමිං කොහොම හරි අවුරුදු දෙකකුත් මාස දෙකකට පස්සේ ඒ කියන්නේ අදට හරියටම මාස දහයකට උඩදි. . පෙබරවාරි මාසේ දවසක් මෙන්න මේ හොරගෙඩියව මගේ අතටම අහු උනා..එදා මම ටිකක් වේලාසනම ස්කූල් එකට ආවෙ හොස්ටල් එකෙව් උදේ කෑම එක දැක්කහම කන්න එපා උන හින්දා...

මම පන්තියට එනකොට උස කොන්ඩේ කොට කෙට්ටු ගෑනු ලමයෙක් මම වාඩි වෙන් පිටිපස්සේ කොනේම ඩෙස් එක ලග නැවීගෙන් මොනවද තියනවා.... එයාට ඇහෙන්නේ නැති වෙන්න මාත් හිමුන් හිමින් මගේ ඩෙස් එක  ලඟට ගියේ කවුද මේ කියලා දැනගන්න..

එයා තමා.. මල්සි නොහොත් මගේ මල... එදා අපි රන්ඩු උනා.. මම බැන්නා .. ඇයි මට කෑම දුන්නේ ඇහුවා... මගේ ලඟම හොඳම යාලුවෙක් වෙලත් ඇයි මට දෙන් දේ මූණට දුන්නෙ නැත්තේ ඇහුවා... මට අනුකම්පාවක් ඕනේ නෑ කිව්ව...අන්තිමට සති දෙකක් කතා නොකර හිටියා.... හරියටම සති දෙකකට පස්සේ මට පොඩි නෝට් එකක් හම්බුනා ස්පෝට් යුනිට් එකට එන්න් කියලා.. එදා අපේ යුනිට් එක් ටීච ඇවිත් හිටියෙත් නෑ.. වැස්ස දවසක් නිසා ඉස්කෝලෙ එලියේ ළමයි නෑ. ඔක්කොම පංතියට කොටු  වෙලා..

යුනිට් එක ඇතුලට යද්දී අපෙව් ටීම් එකේ  මම ඇර ඔක්කොම හිටියා... මම හිතුවේ මොකක් හරි මීටිමක් කියලා..ඒත් සවු ,

උබලා දෙන්න කතා කරගෙන බේර ගනියව් .. මල්... උබ තවත් මේක උබට විතරක් තුයං හිටියොත් අම්මපා මම උඹව මරලා හංගලා අඬ අඬ හොයනවා...

හ්ම්ම්..

අපි යනවා ...

ඒ බං ඇයි යන්නේ . මට බෑ මෙකිත් එක්ක ඉන්න.. හිටපං මාත් එනවා..

නෑ අපි ගිහුං එන්න්ම්... පොඩ්ඩක් හිටාම්..

ඉක්මනට වරෙව් හොඳේ.
.....

මැණික..

හෑ.. මොකක් කිව්වා..

සීනු..... මම උඹට ආදරෙයි බං.   මම දන්නවා මම කෙල්ලෙක් තමා.. ඒත් මම උඹට කැමතී බං. 

අනේ බං මේ ඕලෙවල් කටේ මොනෝත්තක්ද කියවන්නේ ...

මට තව හිරකරන් ඉන්න බෑ බම්.මම විභාගෙත් අනාගනී මෙහෙම් ගියොත්...

The Bell.... (සීනු)Where stories live. Discover now