ᴄʜᴀᴘᴛᴇʀ 𝟷𝟿 🥀

1.2K 256 170
                                    

The present ~

" ඉතිං ඕක තමයි ටේහියුන්ගෙත් ජන්කුක්ගේත් අතීත කතාව..."

යුන්ගි පැයකට පස්සේ තමන්ගේ කතාව අවසන් කරලා උඩට ලොකු හුස්මක් ඇද්දා....

ජිමින්ද මේ පැය පුරාම යුන්ගි කියන හැම වචනයක්ම අහගෙන ඉදලා නොහිතුව විදිහට කතාව ඉවර කරපූ යුන්ගි දිහා ප්‍රශ්නාර්ථ බැල්මකින් බැලුවා...

" එච්චරයි ? "

" ඔව් එච්චරයි "

ජිමින්ගේ ප්‍රශ්නයක් පිරුන මුහුන බලන් යුන්ගි කිව්වා...

නමුත් ජිමින් යුන්ගිව විශ්වාස නොකෙරුවා...ඒ හිතේ තිබ්බ ප්‍රශ්න වලින් දැනට විසඳිලා තිබ්බේ ටේහියුන්ග් ජන්කුක් දෙන්නා කවුද කියන විතරයි..වැදගත්ම දේවල් තවත් කිහිපයක්ම තියෙද්දි යුන්ගි කතාව නවතත්තලා දැම්මේ ජිමින්ව ඇත්තටම පුදුම කරවලා....

" බොරු විතරක් කියන්න එපා යුන්..."

ජිමින් එහෙම කිව්වාම යුන්ගි ඇස් දෙක වහලා හුස්මක් පහල දැම්මා.....

" ඕක නේ ඉතිං...දන්න හැමදේම කිව්වායින් පස්සේත් ඔයාට මාව විශ්වාස නැහැ..."

" කතාව පුරාම හිස් තැන් ගොඩාක් තියෙද්දි කොහොමද මං ඔයාව විශ්වාස කරන්නේ...? "

" මොනාද හිස් තැන් ? "

" ඔයාගේ කතාවේ විදිහට ටේයි ජෙකේයි වෙන් උනේ නැහැ නේ...එතකොට ඇයි එයාලා දැන් තරහා වෙලා ඉන්නේ ? එතකොට කිම් අංකල් මැරුනේ කොහොමද ? ටේ කෝමා එකට වැටුනේ කොහොමද ? මගේ අප්පා එකපාරම අතුරුදහන් උනේ කොහොමද ? කෝ මේවාට උත්තර ?"

ජිමින් එක දිගට තමන්ගේ හිතේ ඉතුරු වෙලා තිබ්බ අනිත් ප්‍රශ්න ටිකත් කියද්දි යුන්ගි ජිමින්ගේ ඇස් දෙක මඟ හැරියා...

𝐋𝐨𝐯𝐞 𝐨𝐫 𝐡𝐚𝐭𝐞  🥀 (Completed ✅) On viuen les histories. Descobreix ara