ᴄʜᴀᴘᴛᴇʀ 𝟸𝟿 🥀

1.1K 179 142
                                    

After three days ~

" අනේ යූන් "

ජිමින් මුහුනත් පුලුටු කරන් යුන්ගිගේ නම කතා කරාත් හෙඩ්ෆෝනයක් ගහන් ජිමින්ට ඉස්සරහින් ඇවිදගෙන ගිය යුන්ගි හෙඩ්ෆෝනය අතරින් ජිමින්ගේ හඬ යාන්තම් ඇහුනාත් ඒක නෑසූනා මෙන් කන් ඇතුලේ දෝංකාර දෙන සිංදුව අහගෙන දිගටම ඇවිදගෙන ගියා....

යුන්ගි හිටියේ ජිමින් එක්ක අමනාප වෙලා...උපන්දින පාටිය පහු උනාත් හරි යුන්ගි මේ වෙනකන් ජිමින්ගේ මුහුන බලලා වචනයක් කතා නොකරා...

මේ ගෙවිච්ච දවස් තුනේම ජිමින්ගේ එකම සහ ප්‍රථම රාජකාරිය උනේ තමන් එක්ක තරහා වෙලා ඉන්න යුන්ගිව යාලු කර ගන්නයි....

නමුත් ජිමින් මොන විදිහට උත්සහා කරාත් ඒ කිසිම මොහොතක නොසැලී ඉන්න වග බලා ගත්ත යුන්ගී තමන්ගේ තීරණේ තව වෙනතුරු වෙනස් නොකරා...

" මං ඔයා වෙනුවෙන් කොන්ඩම් පෙට්ටි තුනක්ම අර ගත්තා යුන්...අහ් ! තව ලියුබ් බෝතල් කේස් එකකුත් ගත්තා...අනේ දැන්වත් මගේත් එක්ක කතා කරන්නකෝ..."

" චිප් ! "

ජිමින් තවත් වතාවක් යුන්ගි ඉදිරියේ බෑගැපත් වෙමින් ඒ අතින් අල්ලද්දි යුන්ගි ඒ ක්ශනිකයෙන්ම කටින් සද්දයකුත් පිට කරලා අත ගසලා දැම්මා....

දැන් දවස් තුනක් තිස්සේම ජිමින්ගේ අදෝනාත් යුන්ගිගේ ලොකුකමුත් බලාගෙන හිටිය මේඩ්ලා දැන් ඒකට හුරු වෙලා වගේ මෙයාලා සාලේ මැද්දේ රඟ දක්වන ඩ්‍රාමා නොදැක්ක ගානට අහක බලාගෙන ගියා....

ඒත් එක්කම වගේ එතනින් ගියේ තමන්ගේ බෙල්ලේ එල්ලලා තියෙන මාලේ අල්ල අල්ල දැන් දවස් දෙක තුනක් තිස්සේම ගංජා මල් ගහලා හඳට ගියා වගේ සතුටින් ජීවත් වෙන ජන්කුකුයි....

ජිමින් එහෙමම සිංදුවක් මුමුනමින් උඩ පැන පැන යන ජන්කුක්ගේ අතකින් අල්ලගෙන එයාව නතර කෙරුවා....

" අනේ ජන්කුකා..."

" මට මුකුත් කියන්න එපා....මට බැහැ ඔයාලාගේ පවුල් ප්‍රශ්න විසඳන්න..."

𝐋𝐨𝐯𝐞 𝐨𝐫 𝐡𝐚𝐭𝐞  🥀 (Completed ✅) Kde žijí příběhy. Začni objevovat