ᴄʜᴀᴘᴛᴇʀ 𝟼 🥀

1.9K 329 382
                                    

@ Hotel Bliss ~

" Sir , may i coming ? "

තමන්ගේ කැබින් එකේ දොරට තට්ටු කරන හඬක් එක්ක ඇහුන ගොරොසු නමුත් හිනී කට හඬට බල බල හිටිය ෆයිල් එක පැත්තකින් තිබ්බ මිස්ටර් චෝයි ටිකක් කහින ගමන් පුටුවේ කොන්ද කෙලින් කරන් වාඩි උනා....

" යස්...එන්න..."

චෝයි තමන්ගේ කටහඬ ඕනාවටත් වඩා ගැඹුරු කරලා ඒ විදිහට කියන ගමන් තොල් දෙක ලෙව කමින් ඒ ලඟ තිබ්බ මින්ත් ටොෆී එක කටට දා ගත්තා....

" සර්...?"

තනි කලු උරහිස ලඟට පමණ දිග කොණ්ඩයක් හිමි ඒ කෙල්ල කැබින් එක තුලට ඇතුල් වෙන ගමන් ලැජ්ජාවෙන් වගේ තමන්ගේ කලවා වලින් භාගයක් විතර පේන ඒ කලු සුදු මික්ස් වෙච්ච කොට ගවුම අතින් වහගෙන චෝයිට කතා කරේ තමන්ගේ ඇස් ඉස්සරහ ලැජ්ජාවෙන් ඉන්න කෙල්ල දිහා බලන් චෝයිද කට කොනට හිනා වෙද්දි....

" මින් යුන්ජී... ඒක නේද නම...?"

" එහෙමයි සර්..."

චෝයි කලින් පැත්තකට කරපූ ෆයිල් එක දිග ඇරලා දොර ගාව ඇඹරෙමින් ඉන්න කෙල්ලගේ නම ඒ විදිහට කියද්දි ඒ කෙල්ලද බිම බලන් ඔලුව ඉහල පහල කරේ ඒ නම ඇයගේ බව තහවුරු කරන්නයි....

" කම් හියර්..."

චෝයි දඹර ඇඟිල්ලෙන් දොර ලඟ හිටගෙන හිටිය ඒ කෙල්ලට එහෙම කතා කරද්දි ඇස් යටින් චෝයි දිහා බලලා තමන්ගේ කොණ්ඩේ කැරැල්ලක් කන පිටිපස්සේ රැදෙව්ව කෙල්ල ඉස්සරහට යන්න තරමක් උසට බොක්ස් හීල් එක තියෙන සුදු පාට සපත්තු දැම්ම තමන්ගේ කකුල් දෙක හෙලෙව්වා....

චෝයිද තමන්ගේ පුටුවෙන් නැඟිටලා සපත්තුව නිසා අමාරුවෙන් වැටෙන්න යන ඒවා වලක්ව ගෙන තමන් ලඟට එන්න වෙර දරන ඒ කෙල්ල දිහා බලන් මේසේ ඉස්සරහට හේත්තු වෙලා පපුව ඉදිරියෙන් අත් දෙක බැද ගත්තා.....

" ඔහ්...! "

චෝයිගේ ලඟට ආපූ හැටියේ යුන්ජීව එකපාරම වැටෙන්න යද්දි ඒ ක්ශනිකයෙන්ම එයාගේ ඉණ වටේ අත පටලවන් තමන්ගේ ඇඟට වාරු කර ගත්ත චෝයි නිදහස් අත තමන්ගේ පපුවට අත් දෙක තියන් ඔලුව බිමට නවාගෙන ඉන්න යුන්ජීගේ නිකට යටින් තිබ්බා....

𝐋𝐨𝐯𝐞 𝐨𝐫 𝐡𝐚𝐭𝐞  🥀 (Completed ✅) Where stories live. Discover now