" හරි යුන්ගි..."
ජන්කුක් යුන්ගිගෙන් ආව ඇමතුම විසන්ඳි කරනවාත් එක්කම තමන්ගේ එහා පැත්තේ ඉදගෙන හිටිය ටේහියුන්ග් දිහා බැලුවා...
තවමත් ඒ දෙන්නා කාර් එක ඇතුලේ...මේ වෙනකොට මධ්‍යම රාත්‍රියත් පහු වෙලා තිබ්බ හේතුවෙන් පාරේ වාහන දෙක තුනක් ඇර වෙනින් කිසිම දෙයක් ඒ මොහොතේ දැක ගන්න නොලැබුනා...
ඝන අඳුරෙන් වෙලුන පාරේ තනිය මකන්න හිටියේ දෙපැත්තේ තිබුන ලයිට් කනුත් , හඳ එළියත් පමණයි....
" ලිලී "
" හ්ම් ? "
ටේහියුන්ග් පපුව ඉස්සරහින් බැද ගත්ත අත් එක්ක තමන්ගේ පැත්තේ තිබ්බ ශටර් එකෙන් එළිය බලන්ම ජන්කුක්ට තමන් අහගෙන ඉන්න බව මිමිනිල්ලකින් ඉඟි කරා...
කලින් ඇදගෙන හිටිය ගවුම ටේහියුන්ග් මේ වෙනකොටත් ගලවගෙන හිටියා....ගවුමට යටින් වැඩි ආරක්ශාවට කියලා හැමදාම අදින කලු පාට පොඩි ශෝර්ට් එකයි ජන්කුක්ගේන් ඉල්ල ගත්ත ස්කිනි එකයි නිසා ජනේල් අතරින් හමාගෙන එන හුලඟත් එක්ක ටේහියුන්ගේ ඇඟට දැනුනේ පුදුමාකාර සැහැල්ලුවක්....
ජන්කුක් නම් තවමත් කලින් ඇදන් හිටිය සූට් එක පිටින්මයි...
ටේහියුන්ගේ මිමිනිල්ලෙන් පස්සේ ඒ රූපේ දිහා මොහොතක් බලන් හිටිය ජන්කුක්ගේ ඇගිලි ඊලඟ තප්පරේ දිව්වේ කාර් එක ඇතුලට නොඅඩුව ලැබෙන හුලඟින් ටේහියුන්ගේ මුහුන කිට්ටුව දඟ කරන ඒ කොණ්ඩ කැරැල්ල හොයගෙන...
ජන්කුක් ඒ ඇහිපිහාටු වලට වද දෙන කොණ්ඩේ කැරැල්ල කනෙන් පිටිපස්සට කරන අතරේ තමන්ගේ කනේ උඩු කොටසට ඇවිත් වැදුන ජන්කුක්ගේ ඇඟිලි වල ස්පර්ශයට එකපාරම ගැස්සුන ටේහියුන්ග් එහෙමම ජන්කුක් දිහා බැලුවා...
නමුත් ඒ කලබකාරී ඇස් එක තප්පරයකින් නිවුනා...තමන්ගේ ඇස් ඉස්සරහා තියෙන දර්ශනේ ටේහියුන්ගේ ආත්මයම නිවාලෙව්වා....
ජන්කුක් ටේහියුන්ගේ මුහුන දිහා බලන් හරි ආවේණික ලස්සන හිනාවක් මවා ගත්තා...ඒක ඇත්තටම යුන්ගිවත් නොදැකපු විදිහේ හිනාවක්....ටේහියුන්ග් වෙනුවෙන් විතරක්ම ඇදුන හිනාවක්....මේ වෙනකන් කාටත් රහසක් උන ඒ ඇසුත් කතා කරන හිනාව දැකලා තිබ්බේ ටේහියුන්ග්ම පමණයි...
YOU ARE READING
𝐋𝐨𝐯𝐞 𝐨𝐫 𝐡𝐚𝐭𝐞 🥀 (Completed ✅)
Fanfiction𝐀𝐧𝐝 𝐬𝐮𝐝𝐝𝐞𝐧𝐥𝐲 , 𝐰𝐞 𝐰𝐞𝐫𝐞 𝐬𝐭𝐫𝐚𝐧𝐠𝐞𝐫𝐬 𝐚𝐠𝐚𝐢𝐧..🥀 Taekook switch ⬆️⬇️ Yoonmin switch ⬆️⬇️ Smut warning 🚫