ᴄʜᴀᴘᴛᴇʀ 𝟻 🥀

1.6K 343 110
                                    

දවස් දෙකකට පස්සේ යුන්ගි ආයේමත් පෙරෙදා ආපූ කැෆේ එකටම ආවා....

සුදු පාට පෑන්ට් එකකට කලු පාට අත් දිග ශර්ට් එකක් ඇදගෙන හිටිය යුන්ගි ශර්ට් එකේ අත වැලමිට ලඟට වෙනකන් නවාගෙන ඒ අත උඩින්ම කලු පාට ලෙදර් ජැකට් එක තියා ගත්තා...ඒ නහර ඉලිප්පුන අතේ ඇතුල් පැත්තේ තිබ්බ ටැටූ එකත් ඉර එලියෙන් දිස්නේ ගහන යුන්ගිගේ ශරීරෙත් එක්කම දිලිසෙන්න ගත්තා....

වෙනදා වගේම මාස්ක් එකක් දාගෙන කැෆේ එකේ කවුන්ටර් එක ලඟ තිබ්බ පුටුවක් උඩින් වාඩි උන යුන්ගි මීට දවස් දෙකකට ඉස්සෙල්ලා මේ කැෆේ එකෙදීම තමන් එක්ක රණ්ඩු උන ඒ හිනී වෙන ඇස් වල අයිතිකාරයා ගැන ආයේත් සැරයක් මතක් වෙලා හිනා වෙන්න උනා...

Cappuccino එකක් ඕඩර් කරලා ඊට විනාඩියකට විතර පස්සේ යුන්ගි තමන්ගේ ඉස්සරහ තිබ්බ කප් එකත් අරන් එදා ගිහින් හිට ගත්ත වැට ලඟටම ගිහින් ඊට ඉස්සරහම තිබ්බ හොටෙල් එකට ඇස් ගෙනිච්චා....

නිදහසේ තමන්ගේ cappuccino එක රස විඳින ගමන් හිටිය යුන්ගිගේ තියුණු ඇස් එදා වගේම අදත් ඒ හොටෙල් එකේ එකම එක රූම් එකක් දිහාවට යොමූ උනා....

නමුත් ඊට ටිකකින් යුන්ගිගේ හිතේ තිබුනු ඒ නිදහස් හැඟීම නැති උනේ තමන් මෙච්චර වෙලා දෑස් දල්වාගෙන බලාගෙන හිටිය කාමරේ දොර ඇරෙමින් සුදු පාට ශර්ට් එකකට කලු පාට කලිසමක් ඇදගෙන හිටිය කෙනෙක් ඇතුල් උන නිසා....

" ජන්කුක් කිව්වේ ඌ නාකියෙක් කියලා නේද ? "

යුන්ගි තමන්ටම එහෙම මුමුනන ගමන් තරුණ ශරීරයකට සහ තනි කලු කොණ්ඩේකට හිමිකම් කිව්ව ඒ පුද්ගලයා දිහා තවත් ඕනැකමින් බැලුවා....

ඒ කාමරේ ඇතුලේ හිටිය පුද්ගලයා තරමක් සැක සහිතයයි....ඒ කොල්ලා පොලොව මත තියන එක අඩියක් අඩියක් ගානේ අවුරුදු ගානක් තිස්සේ වෛවාරන මිනිස්සුන් අතර තෙරපිලා ලබා ගත්ත ඒ පලපුරුද්දෙන් යුන්ගිට තේරුනා ඒ කොල්ලා කාමරේට ආවේ සුද්ද පවිත්‍ර කිරීමේ වැඩකට නම් නෙමෙයි කියලා....

තමන්ගේ අතේ තිබ්බ cappuccino එක බොන්න පවා අමතක කරලා හිටිය යුන්ගි ඇස් ඉස්සරහ තියෙන ඒ කාමරේ ඇතුල දිහා අවදානේන් බලන් හිටියාත් එයාට එකපාරටම මතකේට ආවේ මීට දවස් දෙකකට කලින් මේ බාර් එකේදි හම්බුන ඒ ආගන්තුක කොල්ලා ගැන....

𝐋𝐨𝐯𝐞 𝐨𝐫 𝐡𝐚𝐭𝐞  🥀 (Completed ✅) Where stories live. Discover now