ᴄʜᴀᴘᴛᴇʀ 𝟸 🥀

2.1K 376 209
                                    

" වට් ද ෆක්...!!! "

Blue sky ක්ලබ් එකේ අයිතිකාරයා උන මිස්ටර් වෑන්ග් තමන්ගේ කැබින් එක ඇතුලේ , තමන්ගේ ඉස්සරහ ඉදගෙන හිටිය තියුණු ඇස් වලට හිමිකම් කිව්ව ඒ තරුණයාගේ රලු කට හඬින් කරපූ ඒ කෑගැසීමට ගැස්සිලා පුටුව පිටිපස්සට උනා....

සම්පුර්ණයෙන්ම කලු වර්ණයෙන් පමණක් ඒ ශරීරේ ආවරණය කරන් හිටිය තරුණයාගේ පිටින් බලන කෙනෙක්ට දකින පුලුවන් උනේ රතු පාටට හැරිලා තිබ්බ ඒ තියුණු ඇස් දෙක විතරයි....

" ජ්...ජ්..ජේකේ , ම්..මං කිය-"

" මිස්ටර් - ජෙකේ..."

ජේකේ නැති නම් heart stealer යන අනුවර්ත නාම ලැබූ dark shadow group එකේ නායකයා නොහොත් ජියොන් ජන්කුක් තමන්ගේ ඉස්සරහ ඉදගෙන හිටිය මිස්ටර් වැන්ගේ අතින් සිද්ද උන ඒ වැරැද්ද හරි ගැස්සුවා....

" සමාවෙන්න මිස්ටර් ජෙකේ..."

" මට උබේ සමාවෙන් වැඩක් නැහැ....මට සීයට හැත්තෑවක ලැබෙන්න තියෙන ලාබේ ලැබෙන්න ඕන..."

" එත් මට එච්චරක් ගෙවන්න මේ වේලාවේ සල්ලි නැහැ..."

" එහෙනම් මට ඩීල් එක භාර දෙන්න කලින් ඒ ගැන උබට හිතන්න තිබ්බා..."

" ප්ලීස් මිස්ටර් ජෙකේ...මට දවස් දෙකක් දෙන්න..."

" සොරි ඩාර්ලින්..තවත් එක දවසක්වත් උබට දෙන්න බැහැ...."

" ජෙකේ උබට අයිති-"

එත් එක්කම වැන්ග්ගේ කතාව මඟ නැවතිලා ගියේ ජන්කුක් මෙච්චර වෙලා කරකව කරකව හිටිය රින්ග් එක දාපූ අතින්ම වැන්ගේ මුහුන හරහා පහරක් එල්ල කරපූ නිසා....

" බල්ලො , මං කැමති නැහැ ආයේ ආයේත් මට කතා කරන්න ඕන විදිහ කෙනෙක්ට මතක් කරන්න...ඉදා ඔය ලේ ටික පිහිද ගනින් "

තමන් ගහපූ පාරෙන් වැන්ගේ තොල පැලිලා ඒ අතරින් ලේ ගලද්දි ජන්කුක්ම එහෙම කියන ගමන් ලඟ තිබ්බ ටීශු බොක්ස් එක කොෆි ටේබල් එක හරහා වෑන්ග්ට පාස් කරා....

" උබ මාව අවුස්සනවා වෑන්ග්...උබ හිතුවාද කෙනෙක්ගේ හාර්ට් එකක් ගන්න එක මේ හරියට අපි කඩේකින් බඩු ගන්නවා වගේ කියලා අහ්..? හරි උබ එහෙම හිතුවාත් මං උබට බඩු දෙනවා නම් උබ දැන ගන්න ඕන නේද මට ඒ ආදාල මිල මුදල් ගාණට වේලාවට ලඟට ගෙනත් දෙන්න අහ්....අනික උබට මං ගෙනත් දුන්නේ හිටපු අගමැතිගේ හාර්ට් එක...එහෙම එකේ මං මෙහෙම ඉවසන එකත් වැරැද්දක් නේද..?"

𝐋𝐨𝐯𝐞 𝐨𝐫 𝐡𝐚𝐭𝐞  🥀 (Completed ✅) Where stories live. Discover now