ᴄʜᴀᴘᴛᴇʀ 𝟷 🥀

4.2K 429 469
                                    

@Seoul national museum
13:30

මහ දවාලේ සෝල් නැශනල් මියුසියම් එක ඉස්සරහ නැවැත්තුවේ limousine වර්ගයට අයත් සුදු පැහැති අලුත් වාහනයක්...

ටිකකින් කාර් එක ඩ්‍රයිව් කරන් ආපු ඩ්‍රයිවර් කඩිමුඩියේ කාර් එකෙන් බැහැලා අඩි කිහිපයක්ම පිටිපස්සට ඇවිදගෙන ගිහින් මියුසියම් එක පැත්තට පිහිටලා තිබ්බ ඩෝ එක විවර කරා....

කාර් එකේ දොර ඇරපු ක්ෂණිකයෙන් තමන්ගේ සාක්කුවේ තිබ්බ ලේන්සුව අරන් ඒක මහ පොලවේ ඇතිරුව ඒ ඩ්‍රයිවර් බලාගෙන හිටියේ කාර් එක ඇතුලින් බහින ඒ සුරූපී කාන්තාව එලියට එනකන්...

ඩ්‍රයිවර් බලන් හිටියා වගේම මුලින්ම කලූ බූට් දෙකක් දාපූ ක්‍රීම් පාට තරමක් හිනී කකුලක් ඒ කාර් එකෙන් එලියට එද්දි ඩ්‍රයිවර් ඉක්මනින්ම කාර් එකේ දොර ගාවින් අයින් වෙලා අංශක අනූවකටම ඔලුව පහත් කරා....

එත් එක්කම මෙච්චර වෙලා කාර් එකේ ඇතුලේ හිටිය අවුරුදු විසි පහක තරම් පෙනුමක් හිමි දෙව්දුවක් තරම් ලස්සන කෙල්ල තමන්ගේ කකුල් දෙකම අර ලේන්සුව උඩින් තියලා හිට ගන්න ගමන් මුලු ඇඟම කාර් එක ඇතුලෙන් එලියට ගත්තා.....

ඒ කෙල්ල කලූ බූට් දෙකකට ඒ පාටින්ම ශොර්ට් ස්කට් එකක් වගේම රවුන්ඩ් නෙක් ටීශර්ට් එකක් ඇදගෙන හිටියා....ඊට අමතරව ඇන්කල් එකට ටිකක් උඩට වෙන්න තරම් දිගට තිබ්බ length brown coat එකක් ඇදගෙන හිටිය කෙල්ලගේ අතේ කලු පාටින්ම පොඩි හැන්ඩ්බෑග් එකක්ද තිබුනා....පෙනුමෙන් වගේම ආපූ වාහනෙත් එක්ක මියුසියම් එක ඇතුලට යන එන හැම මනුස්සෙක්ගේම වගේ ඇස් ඒ කෙල්ල දිහාවට එක පාරක් හරි ගියේ ලේන්සුව උඩ හරි කෙලින් හිටගෙන හිටියාත් එයාගේ වටේ කැරකුන aurora එක පවා ඒ කෙල්ලගේ තිබුන වත්කම විදහා පෑව නිසා....

මොහොතක් මුලු මියුසියම් එක වටේටම ඇස් ගෙනිච්ච කෙල්ල තවමත් දෙකට නැමිලා ඒ ඉස්සරහ හිටගෙන ඉන්න ඩ්‍රයිවර්ට අඬ ගැහුව්වා...

" යූ කැන් ගෝ නව් "

කෙල්ලගේ කටහඬ ඇතුලේ පොඩි ගැඹුරත්වක් ගැබ් වෙලා තිබුනාත් ඒක හොඳට ඒ කට හඬ අහගෙන හිටිය කෙනෙක්ට මිසක් වෙනින් කෙනෙක්ට නම් ලේසියෙන් අඳුර ගන්න බැරි උනා....

𝐋𝐨𝐯𝐞 𝐨𝐫 𝐡𝐚𝐭𝐞  🥀 (Completed ✅) Where stories live. Discover now