ᴄʜᴀᴘᴛᴇʀ 𝟸𝟹 🥀

1.6K 239 168
                                    

රූම් එකේ තිබ්බ ටිවී එකෙන් ඇස් අහකට ගත්ත ටේහියුන්ග් ඉස්සරහා දොර දිහාවට ඇස් ගෙනිච්චා...

දොරෙන් එපිට ගාඩ්ලා දෙන්නෙක් හිටියා...ටේහියුන්ග් මේ වෙනකොටත් ඇතුලට එන්න හදන කෙනාට පර්මිශන් දෙන්න කියලා ගාඩ්ලාට පණිවිඩේ දීලාත් ඉවරයි...

ටේහියුන්ග් තමන්ගේ ඉස්සරහා හිටිය කෙල්ලො දෙන්නාටම අණ කරමින් එතනින් පිට කරලා යැව්වා....

දැන් රූම් එකේ හිටියේ ටේහියුන්ග් විතරයි...

ඉණේ ගහගෙන හිටිය ගන් එකත් පැත්තකට විසි කෙරුව ටේහියුන්ග් ඉවර වේගෙන ආව සිගරට් එක ඈශ් ට්‍රේ එක උඩ පොඩි කරලා තවත් එකක් බොක්ස් එකෙන් අරන් තොල් අතර හිර කර ගත්තා....

ටිකකින් ඩෝ එකේ හැන්ඩල් එක කැරකුනාම ටේහියුන්ග් සිගරට් එක ගාවින් ලයිටර් එක ඈත් කරලා අත පොඩ්ඩක් ගසන ගමන් ආයේමත් කවුච් එකේ පිටිපස්සට හේත්තු උනා...

ඒත් එක්කම සම්පුර්ණයෙන්ම ඇරුන දොර මැද්දෙන් කලු පාටින් විතරක් හැඩ වෙලා හිටිය පුද්ගලයෙක් කලබලෙන් ඇතුලට ආවා....

" ලිලී ? "

ටේහියුන්ග් තමන්ට නොකියා ආපූ ගමන ගැන කලබල වෙලා හිටිය ජන්කුක් කවුච් එක උඩ ඉදගෙන ඉන්න ටේහියුන්ග් දිහා බලාගෙනම රූම් එකේ ඇතුලට සම්පුර්ණයෙන්ම ආවා....

" Welcome to V's paradise "

ටේහියුන්ග් ඇඟිලි දෙකක පුරුක් දෙකක් මැද්දේ කලින් පත්තු කර ගත්ත සිගරට් එක හිර කරන් තමන්ගේ අත් දෙකම දෙපැත්තට ඈත් කරමින් ජන්කුක්ට ඒ විදිහේ වෙල්කම් එකක් දුනාත් ටේහියුන්ග්ගේ වාක්‍යයේ අවසානේත් එක්ක ජන්කුක්ගේ පිටිපස්ස දොර එකපාරම වැහිලා ගිහින් ඒක එළියෙන්ම ලොක් උනා....

තමන්ගේ පිටිපස්සේ තිබ්බ දොර වැහෙන සද්දේට ගැස්සිලා ගිය ජන්කුක් ඇස් දෙක බෝල කරන් ඒ දිහා බලන ගමන් නැවතත් ටේහියුන්ග් දිහාවට හැරුනා...

" ඔයා මොනාද මෙතන තනියම කරන්නේ ? "

" මගේ ක්ලබ් එකට එන්න වෙන කාවවත් මට ඕන නැහැ..."

𝐋𝐨𝐯𝐞 𝐨𝐫 𝐡𝐚𝐭𝐞  🥀 (Completed ✅) Where stories live. Discover now