ᴄʜᴀᴘᴛᴇʀ 𝟸𝟾 🥀

1.1K 178 75
                                    

ජන්කුක් වාහානේ පැද්දේ මොන ආරූඪයෙන්ද කියන්න ටේහියුන්ග්වත් දන්නේ නැහැ....

වෙනදාට තමන්ට කා එක ස්ලොව් කරන්න කියලා බෙරිහන් දෙන ජන්කුක්ම මහ දවාලේ කා එක අරන් ඩ්‍රයිව් කරා නෙමෙයි පියැඹුවා....

ගහපූ බ්‍රෙක් පහරවල් වල සැර කොහොමද කියනවා නම් සීට් බෙල්ට් නොදා හිටියා නම් ටේහියුන්ග්ව ගිහින් දෙතුන් පාරක්ම ඩෑශ්බෝඩ් එකේ වදින්නත් ඉඩ කඩ තිබ්බා...

හිටිය තැනේ ඉදන් මැන්ශන් එකට යන්න පැයකට කිට්ටු වෙන්න කාලයක් ගත වෙනවා නම් ජන්කුක්ගේ දක්ශතාවය නිසාම පැයේ කාලය විනාඩි තිහකට පමණ සීමා කර ගන්න පුලුවන් උනා....

ක්‍රිංංංං....!!

හරියටම ගේ දොරකඩ ගහපූ බ්‍රෙක් පාරට ටේහියුන්ග්ව ආයේත් ගිහින් ඩෑශ්බෝඩ් එක පැත්තට විසික් උනාත් එන්ජිම අක්‍රිය කරන ගමන්ම ටේහියුන්ගේ බඩ ඉස්සරහින් අත දාලා ඉස්සරහට තල්ලු වෙන එකෙන් ටේහියුන්ග්ව වැලැක්කුව ජන්කුක් ඒ පිම්මටම සීට් බෙල්ට් එක ගලවලා මැන්ශන් එකේ ඉස්සරහා දොර ලඟට දිව්වා....

" බොස් ගෙදර-"

ජන්කුක්ගේ පැමිණිම දැක්ක ගාඩ් කෙනෙක් ගෙදරට වෙච්ච සිද්දිය විග්‍රහා කරන්න ගියාත් ජන්කුක් අතක් දික් කරලා ඒ ගාඩ්ව නවත්තන ගමන් තමන්ගේ ගෙදර වටේටම ඇස් යැව්වා....

මුලු ගේම විනාස වෙලා වගේ ගිහින්....බිඳුන මල් පෝච්චි , කැඩිච්ච පුටු , ඉරි තැලුන පින්තුර රාමූ මේ හැමදේම විදහා පෑවේ ජන්කුක්ට සෑහෙන්න ලොකු අලාබ හානියක් සිද්ද වෙලා කියලායි...

ඊට පිටිපස්සේන් ඇවිදගෙන ආව ටේහියුන්ග්ද කිසිවක් අදහ ගත නොහැකි අයුරෙන් වටේටම ඇස් ගෙනිච්චා....

ජන්කුක් අඩි කිහිපයක් ඉස්සරහාට ඇවිදගෙන ගියේ ඇඟ ඇතුලෙන් බුබුලු දාන කෝපයත් එක්ක...

ඒ ඇස් වල සුදු අවකාශය වහ ගනිමින් රතු පාට රේඛා හැම තැනම පැතිරුනා...අත් වල නහර එළියට පේන්න තරම්ම ඒ අත් තදින් මිටමොල උනා...ජන්කුක්ගේ හුස්ම පවා ගෙවීගෙන යන තප්පරයක් පසාම වේගවත් වෙද්දි ඒ නිකටත් තව තව දැඩි වෙන්න පටන් ගත්තා....

𝐋𝐨𝐯𝐞 𝐨𝐫 𝐡𝐚𝐭𝐞  🥀 (Completed ✅) Where stories live. Discover now