ᴄʜᴀᴘᴛᴇʀ 𝟹𝟶🥀

1K 184 94
                                    

Next day ~

" මිනිහාගේ නහය ටිකක් දිගටියි..."

ජිමින් මේ හැමදේකම පිටිපස්සේ ඉන්න පුලුවන් කියලා සැක කරන අර වෙස් වලාගත්ත ගාඩ්ගේ හැඩ රුව මතක් කරගෙන ඊට ඉස්සරහා හිටිය ජන්කුක්ට කිව්වා...

ජන්කුක්ද පැන්සලකින් සුදු පාට කොළයක් උඩ ජිමින් කියන රූපේ sketch එකක් විදිහට අඳිමින් හිටියා....

" තව ? "

" ඌගේ ඇස් දෙක හිනීයි...හරියට අපේ ටේහියුන්-"

ඒත් එක්කම ජිමින්ගේ කතාව නැවතිලා ගියා...ඒ එයාලාගේ පිටිපස්සෙන් ඇහුන අඩි ශබ්දයකට....

" ටේ උබ නැඟිට්ටාද ? යමන් කන්න...උබ එනකන් අපි හිටියේ..."

පිටිපස්සේ ඉදන් වේගෙන් පඩිපෙල බහින ටේහියුන්ග් දිහාවට හැරිලා ජිමින් එහෙම කිව්වාත් ටේහියුන්ග් හැසිරුනේ ඒ වචන තමන්ට කිව්ව ඒවා නෙමෙයි වගේ....

ඒ අතර ජන්කුක්ගේ පැන්සල් තුඩේ වේගේ පිටිපස්සෙන් ඇහෙන අඩි සද්දේ ලං වෙන්න ලං වෙන්න තවත් වැඩි උනා...ඔලුව උස්සලා ටේහියුන්ග් දිහා බලන්න තරම්වත් හයියක් මේ වේලාවේ නොතිබ්බ හේතුවෙන් ජන්කුක් ඕනාවටත් වඩා උවමනාවෙන් තමන්ගේ පහල තිබ්බ සුදු පාට කොලේට අවධානේ දුන්නා...

" ටේහියුන්ගා , උබ කොහෙ හරි යන්නද ? "

ජිමින්ගේ ඇස් දෙක දැනුයි ටේහියුන්ගේ ඇඳුම් වලට ගියේ....ඒවා වෙනදාට ටේහියුන්ග් ගෙදරට අඳින බොටම් එකටයි ටීශර්ට් එකටයි වඩා වැදගත් පාටයි....

නමුත් ජිමින්ගේ පැත්තෙන් තමන්ට ආපූ කිසිම ප්‍රශ්නේකට උත්තර දෙන්න මහන්සියක් නොගත්ත ටේහියුන්ග් ජිමින්වයි ජන්කුක්වයි පහු කරගෙන ඉස්සරහා ඩෝ එකෙන් එළියට ගියා....

" ඒයි ටේ ! උබ කොහෙද යන්නේ ? "

කාර් එක අන්ලොක් කරලා නිහඬවම ඒ තුලට ගොඩ උන ටේහියුන්ග්ට ජිමින් දොර ගාව ඉදන් කෑගැහුව්වත් ඒ දිහා හැරිලාවත් නොබැලුව ටේහියුන්ග් තමන්ට නෙමෙයි වගේ කාර් එක ස්ටාර්ට් කරා.....

𝐋𝐨𝐯𝐞 𝐨𝐫 𝐡𝐚𝐭𝐞  🥀 (Completed ✅) Where stories live. Discover now