-13-

68 17 20
                                    

කොච්චර වෙලා අපි කතා නොකර එහෙම ම උන්න ද දන්නෙ නෑ. දරාගන්න බැරි තරමෙ නිහඬ බවක් එතන තිබ්බෙ.

ඒත් මං නෙවේ මුලින් ම කතා කරන්න ගියේ.

මොකට ද!?
හඃ!~

.
.

"මං විනයභාර ගුරුතුමා කිව්ව ම.., හෙහ්! විහිළුවක් වගේ නේ ද..?" මං කතා නොකරන ම තැන එයා කතා කළා.

"ලොකු ම විහිළුව!" එදා පිරිමහගන්න බැරිවුණු තරහ මං අදින් පියවගත්ත ද මන්දා..

එයා එදා වගේ ම කට පුරෝල හිනා වුණා.

"ඔයා ලස්සන වෙලා.."

"ගිලින්න හිතෙනව ද?" මං එකට එක කිව්වා.
එයා මං දිහා බැලුවෙ පුදුමෙන් වගේ.
"හාාාාහ්.. ⁣අමතක කරන එක ලේසි යි කියල හිතුව ද..?" මං එහෙම කිව්ව ම එයා ආයාසයෙන් ඉස්සරහ බලාගත්තා.

"මං හිතන්නෑ මං සමාව ගන්න සුදුසු ඇති කියල ඒත්, මට සමාවෙන්න.. ඒ කාලෙ ගැන මට දැන් ලැජ්ජයි.."

"ලැජ්ජ නොවී කොහොම ද?"

"ඔයා ඔය මට ගහනව ද?"

"කැමැත්තක් හිතාගන්න.."

"දැනගන්න ඕන නැද් ද ඒ ජොන්ග්ගුක් විනයභාර ගුරුවරයා වෙනකං වෙනස් වුණේ කොහොම ද කියලා.."

"ඔයාගෙ නමවත් අවශ්‍ය වුණ් නැති මට ඒ පට්ටන්දර මොකට ද? දන්නවනෙ මං එහෙම අවධානයක් දෙන කෙනෙක් නෙමේ කියල.." මං ඉස්සරහ බලාගන ම යි කතාකළේ. එයාගෙ මූණ බලන්නවත් හිත් දුන්නෑ මට. තාමත් මතකයි මා ව ගුටි කන්න දාල කිණ්ඩියට හිනාවෙලා ගිය හැටි..

"හෙහ්.. ඔයා වෙනස් වෙලා නෑ.." එයා හිනාවුණා.

මාත් හිනාවුණා.
"කවු ද කිව්වෙ? මං හොඳට ම වෙනස් වුණා. වෙනස් කෙරෙව්වා. එක දෙපත් නයෙක්.. ඒ හිටපු බොළඳ කෙල්ල ඉන්පස්සෙ මනුස්ස ජාතිය ම විශ්වාස කරන එක නැවැත්තුවා. හැමෝම පේන්න ගත්තෙ දෙපත් නයි වගේ."

එයා ටික වෙලාවක් මුකුත් ම නොකිය මං දිහා ම බලාන උන්නා.

"ඔයා කියන ඔය වචන කොච්චර දරුණු ද කියල දන්නව ද ඔයා?" මට කට කොනට හිනාවක් ගියා.

"හඃ!~ ඇයි රිදෙනව ද..?"

"ගොඩක්.." එයාට කඳුළු උනද් දි මට හිනා ගියා.

LOST IN SOMEWHERE | JJK ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now