-12-

53 17 2
                                    

එදායින් පස්සෙ මං ඒ ඉස්කෝලෙ දෑහැට දැක්කෙ නෑ. අප්පා ලෝයර් කෙනෙක් නිසා හැදුවෙ ම ඒ රැලට විරුද්ධ ව නීතිමය පියවර ගන්න. ඒත් මට ඕනි වුණේ නෑ මේක තව ඇද්දන්න. ඒ නිසා මගෙ කටේ බලේට ම එහෙම නොකරපු අප්පා අපේ ගෙවල් මාරු කරල බුසාන් ඉඳන් සෝඋල්වලට පදිංචියට ආවා.

දැන් අවුරුදු දහයක් වෙනවා ඒ සිද්ධිය වෙලා. එදායින් පස්සෙ මං ජීවිතේට ඒ පිටසක්වළ දෙපත් නයා තියා ඒ ඉස්කෝලෙවත් බුසාන් පළාතවත් දෑහෙට දැක්කෙ නෑ. දකින්න ඕන කමක් තිබ්බෙත් නෑ.

මං දැන් අලුත් ම සෝෂල් මීඩියා කම්පනි එහෙක අයිතිකාරියක්. 'කිකෝ' කියල. මේ වෙද්දි රටේ ජනප්‍රිය ම සමාජ මාධ්‍ය ජාලය ඒක. වෙයිබෝවලටත් වඩා දියුණුයි. බිලියන 4කට එහා ඩවුන්ලෝඩ් තියනවා. ලෝකෙ පුරා. ඒකෙන් මට එන කෝටි ගාණක ආදායමින් මාසෙකට කොටසක් මං ළමා හිංසනයට එරෙහි ව අරමුදලකට එක්රැස් කරනව එක්සත් ජාතීන්ගෙ සංවිධානයත් එක්ක එකතු වෙලා.
ඒක මට සතුටක් ගෙනාවා.

මතක ද දන්නෑ මං ඉතිහාසයට ගොඩක් ආසයි කීවා..?

මං ඒක අතෑරිය ම කියන්නත් බැහැ. මොක ද මගේ ආයතනය මගින් පුරාවිද්‍යා වටිනාකමක් ඇති පරිශ්‍රයන් සංරක්ෂණය කරන්න ප්‍රොජෙක්ට් එකක් කරගන යන නිසා. :*)

පන්තියෙ ළමයි තිස් දෙනාවත් ඇඳුරුවෙ නැති මං දැන් ලෝකයක් අඳුරන යුග කාන්තාවක් වෙලා.
ලෝකෙ පුදුමාකාර ම දේ වෙන මොකවත් නෙමේ.., ජීවිතේ ම තමයි..

ඔම්මගෙන් මට දැන් තියන එක ම කරදරේ කසාදයක් කරගන්න කියල විතරයි. ඒත් අවුරුදු 10කට කලින් හදවතේ ඒ හැඟීම කොච්චර තදින් පෑරුණා ද කීවොත් තා ම ඒක යන්තංවත් ඔළුව උස්සල නෑ. 28ක මං තාමත් තනිකඩ යි.
ඔම්මා නං කියන්නෙ මට පිස්සු කියල. ඒත් එයත් දන්නෑ දෙපත් නයෙක් ඇවිත් ඒ හැඟීමට දෂ්ට කරල ලිස්සල ගියේ දැන් දශකයකටත් කලින් කියල.
මං කියන්න ගියෙ නෑ. ඒ අමිහිරි මතක හාරාවුස්සන්න මට ඕනිකමක් තිබ්බෙ නෑ කිව්වොත් හරියට ම හරි.

මගෙ ඔෆිස් රූම් එකේ ග්ලාස් වින්ඩෝ එකෙන් පේන බිල්ඩින්ග් පාරවල් පිරුණු සෝඋල් නගරයේ දර්ශනය දිහා බලාන කල්පනාවෙ නිමග්න වෙලා උන්නු මගේ කල්පනාව බින්ඳෙ මේසෙ උඩ තිවුණු ලෑන්ඩ්ලයින් එකට ආපු කෝල් එකක්.
මං ඒකට ආන්ස්වර් කළා.

LOST IN SOMEWHERE | JJK ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now