-1-

151 28 4
                                    

වහල දාපු ජනේල කවුළුවෙන් මං අහස දිහා බලාගන හිටියා.. දවස පුරා ම චුරු චුරු වැස්ස. ඒ නිසා,
හඳත් නෑ.
තරුත් නෑ.
කළු පාට මූසල වලාකුළු ගොඩක් විතරයි.
ඒත් එක ම එක පුංචි තරුවක්..
තාම පුංචියට හරි නිවි නිවී පත්තුවෙනවා..
ඒ තරුවට මං ගරු කරනවා.

එකපාරට ම ආව තද හුළඟක් නිසා ලොකු කළු වලාකුළක් ඇවිත් අර අන්තිම තරුවත් වහගත්තා. ගෞරවය පරයගෙන මට තරුව ගැන දැනුණෙ බයක්. මං බලාගන හිටියෙ තවත් හුළඟකින් ම හරි ඒ මූසල වලාකුළ මෑත් වෙනකං ඒත්...

එතකොට තවත් කළු කරල වැස්ස තද කළා..

වැස්ස තමුසෙ වහින්න ම ඕන ද? වහිනවයි කියල තරුව වහන්න ම ඕන ද? වේළිලා ඉරිතලපු කකුළෙන් හම කෑල්ලක් ඉරල දාන ගමන් මං වැස්සට බැන්නා. දැකල ම අප්පිරියක් නෑ මට. ඒක දුලබ ලෙඩක්. යටි පතුලෙ හම වේළිලා පතුරු ගැලවිල යනව. ඒ එක්ක ම කාලෙන් කාලෙට පැලෙනව. ආාහ් මං නං තනිකර ලෙඩ වාට්ටුවක්!
ඒ තරුවට කියලත් එයාට ඕනි විදියට ලෝකෙට එළිය දෙන්න අයිතියක් නැද්--

--"ආාව්!"

"ඈයිෂ් නෙදකිම් මේ වසවර්ති මදුරුවා! මගෙ කාව්‍යමය අදහස කෑවා!" මං පිස්සෙක් වගේ මගෙ අත කසන්න ගත්තා.

"මැරිය තෝ, මැරි ය!" කවියත් අතෑරල මං පුටුවෙනුත් නැගිට්ටෙ ඒ වසවර්ති මදුරුවගෙන් පලිගැනීමේ කුරිරු සිතුවිල්ලෙන්.

'චටාස්!' දෝතින් ම ගහපු තඩි අත්පුඩියක් එක්ක ඒ මදුරුවා තමන්ගෙ අවසන් හුස්ම වාතලයට මුදා හැරියා..

නෑ මට උගෙ හුස්ම දැනුණෙ නෑ. ඒත් ඔක්සිජන් අණුවක් හරි පිටවෙන්න ඇතිනෙ නේ?
මන්ද මට විද්දියාව වහ කදුරු.

"යෙස්!" මං මගෙ ජයග්‍රහණයේ සතුටින් කෑගහල ශබ්ද දූෂණය කළා. සොරි වේවා පරිසරය..!
මං හිතල නෙවේ කළේ.. හද සන්තානයෙන් බුර බුරා නැගුණු ප්‍රහර්ෂය ඒ..,
මං හිතන්නෙ..

"අනේ සිරාවට මැරුණ ද? මං මරන්න ම හිතුවෙ නෑ ඉතිම්.. අනේ ලබන ආත්මෙවත් හොඳ තැනක උපදින්න.." ප්‍රහර්ෂය ද මොකද් ද පරයගෙන ආපු කලකිරීම නිසා මං එහෙමත් කීවා. පස්සෙ මං පරණ විද්‍යාව පොතකින් ම කොළයක් ඉරාගෙන ගම් බෝතලේ අතට ගත්තෙ මදුරුවගෙ අවසන් කටයුතු කරන්න මිනී පෙට්ටියක් හදන්න.

LOST IN SOMEWHERE | JJK ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now