-9-

47 18 6
                                    

මා ව මහන්සියට යි බයට යි ආතතියට යි ඔක්කො ම එක්ක හයියෙන් ම ගැහෙන්න ගත්තා. බෑග් එකෙන් ම ඇදල මා ව බිමට අතෑරල වීසි කරපු පාර ඒ කොන්ක්‍රීට් පොළොවට දකුණු දණිස්ස හොඳට හීරිලා ලේ එන්න ගත්තා.

"ආහ්!~"

මං දණිස්ස අල්ලගන ඉන්නැද්දි ම කොල්ලෙක් ඇවිත් මගෙ බෑග් පිටෙන් ඇදල අරගන්නකොට යි මං ඔළුව උස්සල බැලුවේ.

කාලෙකින් මං මගෙ හතර දෙනාව දැක්කෙ ම නෑ. ජොන්ග්ගුක් එක්ක ඉන්නැද්දි එයාල ආවෙ ම නෑ. ඒත් දැන් එකපාරට ම ආවා.

"මොකද් ද මේ වෙන්නේ?"

"කවු ද මුන්?"

"ඔයා ව bully කරන්න නේ ද යන්නෙ?"

"ඇයි ඔයා ව ම අහුවුණේ?"

"කොහොම ද ඔයා ව නෝට් වුණේ?"

"මෙච්චර කල් පාඩුවෙ හිටිය ඔයාට මොකද් ද මේ වෙන්න යන්නෙ?"

"මේක හීනයක් නෙවෙයි ද?"
හතර දෙනා එක පිට එක කියවද් දි තුවාලෙ පුපුරු ගැහුවත් මං මගෙ අත කොනිත්තගත්තෙ මේක ඇත්තට ම හීනයක් නෙමේ ද බලන්න.
ඒත් ඒකත් හොඳට ම රිදුණා මට.

හීනයක්..
..නෙවෙයි.~

එතකොට ම අර මා ව වට කරන් ඉන්න කොල්ලො ටික මහ හයියෙන් මට හිනාවෙන්න ගත්තා. හිනා හඬවල් අනුව බලද්දි යි දැක්කෙ කොල්ලො විතරක් නෙවේ කෙල්ලො දෙතුන් දෙනෙකුත් ඉන්නව කියල.

"හීනයක් කියල ද හිතුවෙ?" එකෙක් කියල මහ හයියෙන් හිනා වුණා.

"තාමත් ඉස්කෝලෙ යන උන් ම ද මේ?"

"මැරයො වගේ ඉන්න එකෙන් මුන්ට මොකද් ද ලැබෙන සතුට?"
අර දෙන්නෙක් කිව්වා. මට ඒ හතර දෙනාගෙන් කවු ද කියල තෝරගන්නවත් මානසිකත්වෙ පැහැදිලි ව තිබ්බෙ නෑ.

"යා, මෝඩි!" ඒ සෙට් එකෙන් එක කෙල්ලෙක් බිම ඉන්න මං ගාවට ආවා. ඇවිත් වචනෙන් වචනෙට ඇඟිල්ලෙන් මගෙ නළලට අනින ගමන් කියවන්න ගත්තා. "මේක. හීනයක්. නෙමේ....~ මෝඩි!" කියල හිනාවෙන්න ගත්තා.

"මොන කුණුහරප ආතල්ලෙකක් ද ඒකි ඒ ගත්තෙ?" මං හිතන්නෙ ඒ රිකී කීවෙ.

"බෑග් එක බලනව!" එකෙක් කිව්වා ම තව කොල්ලෙක් ඇවිත් මගෙ බෑග් එකේ සිප් ඔක්කො ම ඇරල එහෙම්ම ම අනික් පැත්තට හැරෙව්වෙ ඇතුළෙ තිබ්බ ඔක්කො ම වැටෙන්න ඇරලා. ඒලියන් කලින් ගිය නිසා මං අද බයට ම ඔක්කොම කාලත් නෙවේ තිබ්බෙ. කෑම පෙට්ටිය බිම වැටුණු පාර පියන ඇරිල ඉතුරු කෑම හතර වටේ විසික් වුණා. මගෙ ඇඟෙත් එක්ක.

LOST IN SOMEWHERE | JJK ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now