-8-

54 18 5
                                    

එදා ඉඳන් ඒලියන්ට එතනට එන්න තහනමක් තිබ්බෙ නෑ. මං එයා එනකං බලාන උන්නා කිව්වොත් තවත් හරි. කීයටවත් මං ඒත් එදායින් පස්සෙ එයත් එක්ක එකට නං ආවෙ ම නෑ. කොච්චරවත් මට ඒකට චකිතයක් තිබ්බා. එයාගෙ ඒ ගැන කහටක් තිබ්බෙත් නෑ හැබැයි.

.
.
.
.
.
.

අපි දෙන්නත් එක්ක බංකරේ ඉඳන් කකා උන්නෙ. එකපාට්ට ම ඒලියන් කතා කරන්න ගත්තා.

"යොන්ග් සු-යා..,"

"ම්ම්හ්?"

"මගෙ නම කියන්න.."

"නම.. නම?" මං ඒ වෙනකං එයාට ඒලියන් කියල නමක් දුන්නට ඇත්තට නමක් අහන්නවත් මතක් වුණ් නෑ. පුරුද්දට. කොහොමත් මං පන්තියෙ අයගෙවත් නමවත් හොයපු කෙනෙක් නෙවේ. මගෙ නමට අත උස්සනව ඇරෙන්න අනික්ව ගැන මට අවධානය බිංදුව යි. දරුණු ඉන්ට්‍රොවර්ට් කෙනෙක් මං...

"දෙයියනේ මෝඩ කෙල්ල! මගෙ නමවත් නොදැන ද මේ අපි ඩේට් කරන්නෙ එතකොට?" එයා හිනාවුණා. ලස්සන යි.

"නම මොකට ද? මං ඔයාට යි කැමැති. ඔයාගෙ චරිතෙට.." මං හිනාවුණා.

"ඒත් මගෙ නම දැනගෙන ඉන්න එපැයි.. මහ අමුතු යි අප්පා ඔයා. වෙලාවකට තේරුම් ගන්න ම බෑ."

"ම්ම්හ් කියන්නකො ඉතිං.."

"මතක තියාගන්න හරි ද..? ජොන්ග්ගුක්. ජොන් ජොන්ග්ගුක්."

"නමත් ලස්සන යි හැබැයි.." කට කොනින් පටන් අරං මං ලොකු හිනාවක් දැම්මා. මනුස්සයෙක්ට හැම අතින් ම මෙහෙම පර්ෆෙක්ට් වෙන්න පුළුවන් ද මං අහන්නේ?

"ආරෝ.. (දන්නවා..) ඒක ලස්සනයි තමා.."

"ඒත් හැබැයි...මන්ද ඒක නිකං අහල පුරුදුයි මට.." මං ඇත්තට කීවෙ. මට අහල පුරුදුයි මේ ඉස්කෝලෙ දි ම වගේ. ඒත් කොහෙදි ද කොහොම ද කියල මීටර් නෑ. එයාට හිනාවක් ගියා.

"පුදුම යි.. ඔයාට මතක යි කියන එකත්.."

"හෙහෙහ්.. ඇත්ත.." මට හිනාගියා. ඔව් ඉතිං මෙච්චර පිට ලෝකෙට අවධානයක් නොදුන්න මට එහෙම මතකයක් තියන එක මටත් පුදුම යි තමා හැබැයි..

.
.
.
.
.
.

දින සති ගතවෙද් දි මං එයාට, එයාගෙ ගතිගුණවලට තව තව ළං වුණා. මං ආස ම වුණේ එයාගෙ හිනාවට. ඒකට හිත පිරෙනවා.

LOST IN SOMEWHERE | JJK ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now