-3-

56 18 2
                                    

එයා හරි අමුතු යි..

"ඔයත් අමුතුයි කියල හිතෙන්නැද් ද..? ඒ ළමයා සාමාන්‍ය විදියට හැසිරුණේ. උඹනෙ මෙතන මේ පිටසක්වළයෙක් එක්ක ගනුදෙනු කරනව වගේ හැසිරුණේ." විද්‍යාවෙන් පස්සෙ ඉන්ටර්වල් එකේ මා යි රිකී යි වාද කර කර උන්නෙත් ඒලියන් ගැන. ෆ්ලොපී කියන හැටියට එයා නෙමෙයි මම යි මෙතන ඒලියන්.

එයා අද පරක්කුයි.. වෙන ද නං මේ වෙලාව වෙද්දි ඇවිත් කන්නත් අරගන. ඇයි දන්නෑ අද පරක්කු..

මං කාල ඉවර වෙනකනුත් එයා ආවෙ නෑ.

"මොකක්හරි වැඩක් වෙන්නැති බං. උඹ මොකට ද හොයන්නෙ?" ක්ලියෝ කලාතුරකින් දාන ඒ කිණ්ඩිය ඉවසන්න බැරි නිසා මාත් බලා නොඉඳ එන්න ආවා.
මං මොකට ද එහෙම හෙව්වෙ? මං දැනං ඉඳියෙ නෑ. එතනත් මං අතරමං වුණා.

ඒත් මං යනකොටත් එයාගෙ තැන ඉඳගෙන මං දිහා ම බලන් ලොකුවට හිනාවෙන ඒලියන් දැක්ක ම මට දරුණු විදියට පුදුම හිතුණ. හදවත වේගෙන් ගැහුණෙ දැන් පුපුරයි දැන් පුපුරයි වගේ.

රිකී මට තා ම අර ඒකිගෙ පැණි හිනාව ම දානව මට පේනව. ඇන්ඩිත් අත් දෙකන් ම මූණත් වහං හිනාවෙනව. ක්ලියෝ කිව්වත් වගේ වැඩකට යන්න ඇති. මමත් මහ පිස්සෙක්!

මං ඉඳගන්නකොට ම එයා මට ස්ට්‍රෝබෙරි මිල්ක් එකක් දික් කළා. එයාගෙ අතේ තව එකක් තියනව මං දැක්කා. මං ආසයි ඒවට. ඒත් මේ මට හයි ස්කූල් එකේ දි කෙනෙක් දෙයක් දෙන පළවෙනි පාර.

ඇයි එයා මට මෙහෙම සලකන්නෙ? ඒ වගේ හැඩ කොල්ලෙක්ට මට වඩා ලස්සන කෙල්ලො අපේ පන්තියෙ ම ඉන්නවා. එයා වෙන අය එක්ක වැඩිය කතාවකුත් නෑ. හරි ම අමුතු යි.

"---අ~...--එපා ද--?"

මං එච්චර⁣ වෙලා කිරි එක නොගෙන ඒක දිහා බලාන කල්පනා කර කර ඉඳල තියෙන්නෙ කියල සිහිවුණේ ඒලියන් මූණත් නාළු කරන් තාමත් ඒක දික් කරගන එහෙම අහද් දි.

"~අඃ!? නෑ! මං කිව්වෙ, මේ, දෙන්න! හී.. ගොමාවෝ!" (ස්තූතියි!) එහෙම කියන ගමන් මං කිරි එක ගත්තෙ නිකං උදුරල වගේ.

ඇයි;

මං;

එහෙම!?

අහ්හ්හ්හ්හ්‍ර්ර්ර්ර්ර්හ්‍රර්ර්හ්හ්හ්! #ක්!

LOST IN SOMEWHERE | JJK ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now