-4-

47 19 0
                                    

ඊට පස්සෙ දවසෙ මං යද්දිත් එයා ඉඳගෙන කනවා. ඊයෙ තිබ්බ ලැජ්ජාවට ම මං ඒත් එතන හිස් පුටුවෙන් නොඉඳ වෙන කොනකට ගියා. එයා මා ව දැක්කෙ නෑ.

"ඔච්චර කුලෑටි වෙන්න එපා බං.." ක්ලියෝ ආය ම තර්ක කරන්න ආවා මා එක්ක.

"කට වහගන්නවා.." මට එයාට මුහුණ දෙන්නත් බෑ දැන්. මට මක්වෙලා ද මේ..

"පිස්සෙක්!" ෆ්ලොපී කව්වෙ ටිකක් කේන්තියෙන්.

මං එදා කෑවෙ තනිය ම. එයා මා ව හොයන බවක් පෙනුණෙත් නෑ. හහ්! එතකොට මං විතර ද...

"උඹ විතරක් මොකද් ද?.." ආයිශ්! රිකීගෙ කිණ්ඩි හිනාව! මේ ළඟක දි ඉඳන් මේකි ඒක දානව වැඩියි. මට අල්ලන්නෙ ම නෑ; පේන්න බෑ.

"මුකුත් නෑ! ඔ~... මුකුත්. නෑ. !."

"හුම්ම් හුම්ම් හාාරි හාාරි හාාාරි.."

"නෑ කිව්වනේ! හායිශ්!"

"හරි හරි ඉතිම් කවු ද දැන් 'ඔව්' කිව්වෙ!?" ඇන්ඩි මැණික ඔයා ඉස්සර ඔහොම නෑ...හුවෑැ..

"ඔහොම හිනාවෙන්නෙපා උට්ටි!" මං කාලෙකින් ඇන්ඩිට අණක් දැම්මෙ මේ..

එයා අතකින් කටව⁣හගන අනික් අතින් මහපටැඟිල්ල දික් කළා. මං ඔරවල අහක බලාගන ⁣පුළුවන් ඉක්මනට කාගන කාගන ගියේ තිබ්බ කේන්තියට ද මොකට ද කියන්න මං දන්නෙ නෑ.

"කෑමවලින් පලිගන්න එපා ඉතිං.." ෆ්ලොපී උඩබිම් බල බල කීවෙ ලොකු හිනාවක් තද කරගන්න තිබ්බ උවමනාවට කියල මට නොපෙනුණා නෙවේ. ඒත් ඒකෙන් වුණේ මං තවත් ඉක්මනට කෑම ටික ගිලපු එක. ඒ කරල ඒකිටත් ගස්සගන මං පන්තියට දිව්වා.

"ස්ස්හ්..ප්ෆ්හ්!~ මෙයාගෙ ඝනකම!" මගෙ පස්සෙන් ඇදෙන ගමන් රිකී කොඳුරනව මට ඇහුණා.
මෙච්චර කල් පාඩුවෙ සාමකාවී ම උන්නු මට මොනව ද මේ වෙන්නේ..? ඔක්කො ම අර ඒලියන්ගෙ වදේ නිසා....ද... නැහ්නං...,

නෑ නෑ වදේ නිසා තමයි!

තමන්ගෙ අතේ වරදක් තියනව කියල පිළිගන්න බැරිවුණා ම ගොඩක් වෙලාවට අපි බලන්නෙ කාගෙ ම හරි පිට ඒක පටවල හිතෙන් හරි අපි ව සාධාරණීකරණය කරගන්න.
කාරණාව ලොකු ද පුංචි ද කියන එක අදාළ නොවෙන්න පුළුවන් එතකොට.

LOST IN SOMEWHERE | JJK ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now