-2-

86 22 5
                                    

ඉන්ටර්වල් එක වෙලාවෙ මං කෙල්ලො සෙට් එකත් එක්ක කොරිඩෝර් එක දිගේ පැත්තකින් ඇවිදගෙන ගියේ හෙමින් හෙමින්. ඔය කොහෙහරි කොනේ ටේබල් එකක් හැමදා ම ඉතුරු වෙනව. මං ඉතිං ඒකෙ තමා ඉන්නෙ.
තනියම.

කවුරුත් මාත් එක්ක ඉඳගන්න එන්නෙ නෑනෙ ඉතිං. මාත් මොකට ද එල්ලි එල්ලි යන්නෙ.
මං මගේ කෑම තැටියත් අරං අර කිව්ව වගේ ඉතුරු වෙච්චි මේසෙකට ගිහිං වාඩිවෙලා පාඩුවෙ කන්න ගත්තා.

"ඔයාට පාළු හිතෙන් නැද් ද? තනිය ම ඉන්නෙ?" ඇන්ඩි ඇහුවා. එයා කොහොමත් සංවේදි යි තමා. ඒත් මේක වැඩිය අහල නෑ. මට රිදුණොත් කියල වෙන්නැති. ඒත් මං බලාගන රිකී එයාට වැළමිටෙන් අනිනව යි ක්ලියෝ ඔරවනව යි.. හෙහ්..

"මට පාළු හින්දනෙ ඔයාල ඉන්නෙ ඔය.."

"ම්ම්හ් ඒකත් ඇත්ත.."

මං ෆ්ලොපීයි කට්ට්ය එක්ක කියවන ගමන් ම මනෝපාරකුත් දාගන ඔහේ කකා උන්නෙ.
ඇත්ත මාත් එක්ක කවුරුත් ඉන්නෑ. යාළුවොත් නෑ. මගෙ අමුතු ලස්සනකුත් නෑ. ඇති හැකියාවකුත් නෑ. තිබ්බට මං පෙන්නන්න යන්නෙත් නෑ. කාගෙවත් අවධානයක් ගන්නෙ මොකට ද? පන්තියෙ රෑන්ක්වලත් මං ඉන්නෙ මැද හරියක. පීටීවලත් ඔහේ පැත්තක ඉන්නෙ. පන්තියෙත් ඉන්නෙ කොනක. ඒ නිසා මං කාගෙවත් වැඩි අවධානයක් ගත්ත කෙනෙක් නෙවේ. අවධානයක් ඇත්තෙ ම නැති තරං මං ගැන. සමහර පන්තියෙ උන් පවා මං ඉන්නවදවත් දන්නෙ නැහැ. කවදත් එහෙම නිසා මං ඒ විදියට ආස වුණා. හරි ම සාමකාමී. අඩු ම අපෙ හෝම්රූම් ටීචර්ටවත් මගෙ නම තා ම හරියට මතක නෑ. පැටළෙනවා.

මං සාමකාමී ව කටත් පුරවගෙන කකා ඉන්නකොට එකපාරට ම කොහෙන් ද ආපු කෑම තැටියක් 'ඩාං' ගාල මගෙ ඉස්සරහට පතබෑවුණා. ළඟ උන්නු කීපදෙනෙකුත් මේ දිහා හැරිල බලනව මට පෙනුණා.

"ඇයි හැමදා ම තනියෙ ම ඉඳන් කන්නෙ? ඒ කෑම තැටිය එතනට දාපු කොල්ලා මගෙන් ඇහුවා.

ආාශ්හ්. I hate humans. Thanos හරි දෙයියනේ.
මෙච්චර මං පාඩුවෙ පැත්තකට වෙලා නිදහසේ ඉන්න හදනකොට මෙන්න මොකෙද් ද එකෙක් කඩා පාත් වුණා! උත්තර දෙනව තියා හරියට උගෙ මූණ බලන්නෙවත් නැතු ව නැගිටල එන්න ආවෙ කවුරුත් නැති තැනකට ගිහිං පාඩුවෙ කන්න.

LOST IN SOMEWHERE | JJK ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now